ආසියානු රගර් සභාපතිවරයාගේ බලපෑම්වලට ශ්‍රී ලංකාවේ රගර් යටත් කරන්නට පිඹුරුපත් සැකසූ සියලු දෙනාගේම සතුට සනාත කරමින් බාධක දහසක් මැද ආසියානු ඔලිම්පික් කමිටු සළකුණ යටතේ ආසියානු තරගාවලයේ මූලික වටයට ප්‍රබලතම කණ්ඩායම් දෙකක් සහිත කාණ්ඩයකට ඇතුළත්ව තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පදක්කම් බලාපොරොත්තුව අත්හැර ගන්නට ශ්‍රී ලංකා රගර් ක්‍රීඩකයන්ට සිඳු වුණා.ඒ තරග දෙකම පරාජය වෙමින්.ඒ සමඟම එම පදක්කමට යාමට අවහිරතා ඇති කරමින්,සැළසුම් ක්‍රියාත්මක කිරීමට බාධා වන ලෙස ශ්‍රී ලංකා රගර් පරිපාලනය ඉවත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද ස්ථාවරකරණ කමිටුව බල රහිත කරමින් ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියෝජනය කළ කණ්ඩායම පරාජය වූ දාට පසුදිනම (ඊයෙ) අංක 2351/06 දරන අති විශේෂ ගැසට් නිවේදනය නිකතු කර රග්බි සම්මේලනයට වැඩ කටයුතු කරගෙන යාමට ඇති බාධාවන් ඉවත් කිරීමට ක්‍රිඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.
රගර් පරිපාලනයට ආසියානු සංගමයත් ශ්‍රී ලංකාවේ දේශපාලනයත්,දේශපාලනයට උඩ ගෙඩි දෙමින් තමන්ගේ බඩ ගෙඩිවල වර්ගපලය පළල් කර ගැනීම හිතන රගර්වලට සම්බන්ධ ශ්‍රී ලංකාවේ රගර් ප්‍රේමීන් සේ පෙනී සිටින බඩජහරීනුත් දිගින් දිගටම කරන බලපෑම් අතරේත් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ශ්‍රී ලංකා රගර් වෙනස්ම සැළසුමක් ඔස්සේ ශ්‍රී ලංකාවේ රගර් යහපත් තැනක ස්ථාපිත කළා.එවැනි වැඩ සටහනක් ඔස්සේ රගර් ක්‍රීඩාව ව්‍යාප්ත කරමින් ජයග්‍රාහී තැනකට රැඟෙන යමින් තිබීම නොරිස්සු පිරිස් ආසියාවේ අතාර්කික දණ්ඩනයට එරෙහිවීම පසෙකලා,දේශපාලකයාට ද උඩ ගෙඩි දෙමින් ආසියානු පදක්කමක කීර්තිය රටට ඒම පිළිබඳව සිතීම දෙවැනි කොට ශ්‍රී ලංකා රගර් පරිපාලනයට එයින් ලැබෙන කීර්තිය වළක්වා ගන්නට කටයුතු කළා.රගර් නිලවරණයෙන් බලයට පැමිණි පිරිසගේ ජනප්‍රියත්වයට අභියෝග කළ නොහැකි තැන, තමන්ගේ රගර් හී බල අරගලය ජය ගැනීම වෙනුවෙන් දේශපාලන බලය හරහා රගර් හී බලය තහවුරු කර ගන්නට පමණක් උත්සාහ කරමින් සිටි පිරිස් වසර සිය ගණනක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ රගර් 9 – 13 දක්වා වන ස්ථානයක් සෙවීම සඳහා වීසි වී යද්දී රගර් ලෝකයට 2009 දී ඇතුළත් වූ වත්මන් ආසියානු රගර් සභාපතිවරයාගේ රට වන සවුදි අරාබියේ රගර් කණ්ඩායම ඉතාම පහසුවෙන් ආසියාවේ දුර්වල රගර් කණ්ඩායම් සිටින කොටසකින් තරගාවලියට පිවිස අවසාන 8 දෙනා අතරට එන්නට පුදුම හිතෙන අන්දමේ වාසනාවක් උදා කර ගත්තා.ශ්‍රී ලංකාවේ එවකට හිටිය රගර් සභාපතිවරයා සිය ඡන්දය නොදීමෙන් ආසියානු රගර් සමඟ ඇති කර ගත් ගැටුමෙන් ශ්‍රී ලංකාව සමඟ ඇති කර ගත් විරසකය,පසුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ඉහළ ස්ථරය සමඟම එකතු වී පිරිමසා ගනිමින්,රගර් ක්‍රීඩාව දියත්වීම නවතා ගමන අඩාල කර සැළසුම් දිය කර හරිමින් ආසියාවේ ඉදිරියට ඒම වළක්වමින් සතුටු වන්නට ආසියානු සභාපතිවරයා වාසනාවන්ත වුණා.
එසේම සිය රටට පහසුවෙන් අවසාන අට දෙනා අතරට පිවිසීය හැකි ආකාරයේ කාණ්ඩයකට ඇතුළත් වන පරිදි අපක්ෂපාතීව තරග කාල සටහන සැකසීමේ දී ද ඔහුට මහා වාසනා බලයක් හිමි වී තිබුණා.ඒ අනුව ආසියානු සභාපතිවරයාගේ ශ්‍රී ලංකාව කෙරෙහි නිලවරණයේ ඡන්දය නොදීම නිසා ඇති කරගත් විරසකය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අහිමිවීමෙන් මෙන්ම තම රටේ කණ්ඩායමට අවසාන කණ්ඩායම් අට අතරට පැමිණ පදක්කමකට තරග කර හැකි මට්ටමටකට තහවුරු කර ගන්නට ද ආසියානු සභාපතිවරයාට වාසනාව සහ හැකියාව තිබීම මෙන්ම, ඒවා වඩාත් ශක්තිමත්ව තහවුරු කළ හැකි දේශප්‍රේමීත්වයකින් වැඩ කරන ලද ලාංකිකයන් පිරිසකගේ ශක්තිය හා ආශිර්වාදය ද ඊට හිමි වුණා.
ඇති එකම ගැටළුව එම වචනයේ ඇති දේශප්‍රේමීත්වය සහ රටේ ක්‍රිඩාවට තිබෙනවා බව කියන ආදරය කුමන රටක ක්‍රීඩාවකට ඇත්තේ ද යන්න සහ කුමන දේශයකට ප්‍රේම කරන්නේ ද යන්න පිළිබඳව සිතා ගැනීමට නොහැකි වීමයි.කෙසේ හෝ පදක්කමකට පිවිසීමට ඇති හැකියාව ශ්‍රී ලංකාව දකුණු කොරියාව සහ චීන තායිපේ කණ්ඩායම් ඉදිරියේ තරග කරමින් තරග දෙකම 22 – 7 ක් ලෙස පරාජය වෙමින් අහිමි කර ගත්තා.ඉනික්බිති 9 – 13 දක්වා වූ ස්ථාන තහවුරු කරන තරගවලට පිවිසෙමින් පිලිපීනයට එරෙහිව ලකුණු 21 – 12 ක් ලෙස ද,ඇෆ්ගනිස්තානයට එරෙහිව 36 – 10 ක් ලෙස ද ජයග්‍රහණ අත් කර ගත් ශ්‍රී ලංකාව අද නේපාලයට සහ තායිලන්තයට එරෙහිව තරග කරන්නට සූදානම්.ඒ සූදානමට එරෙහිව රටක් හැටියට රටේ රගර්වලට පැමිණි බලපෑම්වලට එරෙහිව ශ්‍රී ලංකා රගර් සමඟ සිට ගන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට පැහැදිළි අවබෝධයක් ඇති කර ගන්නට,රගර් පරිපාලනය සමඟ සාකච්ඡා කරන්නට හෝ හැකියාවක් තිබුණේනම්,මේ තත්ත්වය වෙනස් වන අතර මේ අවාසනාවන්ත තත්ත්වයෙන් පසුව හෝ ඇත්ත තේරුම් ගන්නට හැකිනම් සිඳු වී ඇති දේ තේරුම් ගන්නට අවස්ථාව ලැබෙනු ඇත.බොහෝ විට මේ තරගාවලියේ අද දවස අවසාන වන්නේ ශ්‍රී ලංකාව තරගාවලියේ නවවන ස්ථානයට පත්වීමෙන් පසුව විය හැකියි.වසර එකසිය ගණනක ඉතිහාසයක් තිබුණත් තරගකාරී රගර් අත්දැකීමකට වැට බැද තිබූ ශ්‍රී ලංකාවේ රගර් වාතිවරණය මැද ආසියාවේ ප්‍රබලම කණ්ඩායම් අතර සිටි ශ්‍රී ලංකාවට ප්‍රබලම කණ්ඩායම්වලට පුහුණුවකින් තොරව මුහුණ දීමට අවස්ථාව උදා වූ විට ඇති විය හැකි තත්ත්වය මුල් වටයේ දී දැක ගන්නට ලැබිණ.එය පැහැදිළි කර ගැනීමට තරගාවලියේ ප්‍රතිපලම උදාහරණයට ගත හැකිය.
මේ වන විට මුල් අට දෙනා අතරට පිවිස සිටන චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ 22 – 7 ක් ලෙස පරාජය වූ කණ්ඩායම ඉන් අනතුරුව දැන් මුල් කණ්ඩායම් හතර අතර සිටින කොරියාව ඉදිරියේ ද පරාජය වන්නේ 22 – 7 ක් ලෙසමය.එය තරගයකින් තරගයකට සිඳු කරගෙන තිබෙන වර්ධනය ය.දැන් සියල්ල සිඳු වි හමාරය.වාසනාවන්ත කාණ්ඩයකින් තරග කර ආසියාවේ මුල් අට දෙනා අතරට එන්නට සවුදි අරාබියට හැකිවීම,පදක්කමක් අපේක්ෂාවෙන් සැළසුම් සහගත ගමණක් ගිය ශ්‍රී ලංකා රගර් බැඳ තබා මුල් අටදෙනා අතරටවත් ඒමට නොහැකි ප්‍රබලම කණ්ඩායම් සිටින කාණ්ඩයකට අවාසනාවන්ත ලෙස ඇතුල්වීම ආදි කරුණුවලින් ආසියාවේ පදක්කමක් නොලැබීම මෙන්ම සවුදි අරාබියටත් පිටුපසට වැටී ඇත.ඇත්තටම ලසිත ගුණරත්න ආසියාවේ නායකත්වයට එවැනි පුද්ගලයෙක් තෝරා ගැනීමට ඡන්දය නොදීම සාධාරණ බව හැඟෙයි.ඒත් එහිදී යම් කිසි උපකාර ඡන්දය දීමේ පොරොන්දුව පිට ශ්‍රී ලංකාවට ලබා ගෙන ඇත්නම් එයනම් වැරදිය.
නමුත් තමන් ඡන්දය නොඳුන් මිනිසාට ඡන්දය නොදීමට හේතු වූ කරුණු නොකියා ලසිත අමාත්‍යවරයා විසින් ඒ පුද්ගලයා සමඟ එක්ව රටේ රගර් ගැන තීරණ ගනිද්දි නිහඩව සිටිමින් ඊට උඩ ගෙඩි දීමනම් මේ වෙලාවේ ඔහුත් ලංකාවේ රගර්වලට වඩා සවුදි අරාබියේ රගර්වලට සේවය කළ ලාංකේය කණ්ඩායමට ඇතුළත් කිරිමට ප්‍රමාණවත්ය.ඇත්තටම ලසිත වටේට දුරකතන ඇමතුම් දෙන්නට වැය කරන කාලය වැය කර ක්‍රීඩා අමාත්‍යවරයාට තමන් සභාපතිව සිටි සමයෙන් පසුව එන නිලවරණයේදී යම් යම් ක්‍රිඩා සමාජවලට ඡන්ද බලය අහිමිවීමට හේතු වූ කරුණු ගැන දැනුවත් කර ඒවා විසඳිය හැකි මාර්ගවත් පෙන්වා දුන්නේනම් වටේට දුරකතන ඇමතුම් ගැනීමට අවශ්‍යය විවේච සිඳුවන්නේ නැත.නමුත් දැන් සියල්ල සිඳු වී හමාරය.අපි මේ දේවල් දුර සිට කීවෙමු.සවුදි අරාබිය වෙනුවෙන් පෙනී සිටි බව දැන්වත් ශ්‍රී ලංකාවට දැනෙනවනම් අපි ඔබව රටින් පිටුවහල් කළ යුතු යැයි යෝජනා නොකරන්නෙමු.
පුළුවන්නම් වෙනස් වෙන්න බලන්න.අපේ යෝජනාව එයය.තමන්ගේ රටේ සම්භවයක් නැති පුරවැසියන්ට පුරවැසිකම් දී,සිය ධජය ඉහළට ඔසවන්නට සහ රටක් හැටියට ජයග්‍රහණය ලැබීමට කටයුතු කරන සවුදි අරබිය වැනි රටක ක්‍රීඩාව,සිය ධජයත්,රටත් වෙනුවට තමන්ගේ බලය සහ ධනය වෙනුවෙන් මුල් තැන දී කටයුතු කරන ලංකාවේ මිනිසුන්ට සැබෑ දේශප්‍රේමය ගැන උගනින්නට හොඳ අවස්ථාවක්ය.

සටහන – නිෂ්මං රණසිංහ
