රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා රතු කුරුසයෙන් ප්‍රථමාධාර පුහුණුවක්!

කොළඹ LNW:සේවා කාර්යාල පද්ධති ඇතුළත විවිධාකාර වූ හදිසි අනතුරුවලට සේවකයන් ලක්වීම හැමවිටම වාර්තා වන කාරණයක් වන හෙයින් නිසා සෑම රාජ්‍ය ආයතනයකම විධිමත් ප්‍රථමාධාර පුහුණුව ලද එක් සේවකයෙකු හෝ සිටීම ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇතැයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා පවසයි.

ඒ අනුව ආයතනවල ඉල්ලීම් පරිදි රාජ්‍ය හා පෞද්ගලික අංශය කාර්යාලවල සේවකයන් සඳහා දිවයින පුරා ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වන බවයි අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ.

ඌව පළාතේ මෙම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, මේ වන විට ලංකා විදුලිබල මංඩලයේ ඌව පළාත් කාර්යාලවල සේවක සේවිකාවන් තුන්සියයකට ආසන්න පිරිසකට ද බදුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයේ ද බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක පිරිසකට ද මෙම ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් පවත්වා ඇතැයි ද ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ බදුල්ල ශාඛා විධායක ආර්.පී.ආර්.කේ.පියරත්න මහතා පවසයි.

ඉදිරියේ දී තවත් ආයතන පහක් මෙම පුහුණුව සඳහා අවස්ථාව ඉල්ලා ඇතැයි ප්‍රථමාධාර උපදේශකවරුන් වන ටී.ජී.එන්.කුමාර මහතා සහ ඩී.එම්.ඩබ්.බණ්ඩාර යන අය පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප කිරීම් ඉහළට! ශ්‍රී ලාංකික සිසුන්ටත් කේස් වැටෙන ලකුණු!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබීමේ සිහිනය...

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...