රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා රතු කුරුසයෙන් ප්‍රථමාධාර පුහුණුවක්!

Date:

කොළඹ LNW:සේවා කාර්යාල පද්ධති ඇතුළත විවිධාකාර වූ හදිසි අනතුරුවලට සේවකයන් ලක්වීම හැමවිටම වාර්තා වන කාරණයක් වන හෙයින් නිසා සෑම රාජ්‍ය ආයතනයකම විධිමත් ප්‍රථමාධාර පුහුණුව ලද එක් සේවකයෙකු හෝ සිටීම ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇතැයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා පවසයි.

ඒ අනුව ආයතනවල ඉල්ලීම් පරිදි රාජ්‍ය හා පෞද්ගලික අංශය කාර්යාලවල සේවකයන් සඳහා දිවයින පුරා ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වන බවයි අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ.

ඌව පළාතේ මෙම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, මේ වන විට ලංකා විදුලිබල මංඩලයේ ඌව පළාත් කාර්යාලවල සේවක සේවිකාවන් තුන්සියයකට ආසන්න පිරිසකට ද බදුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයේ ද බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක පිරිසකට ද මෙම ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් පවත්වා ඇතැයි ද ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ බදුල්ල ශාඛා විධායක ආර්.පී.ආර්.කේ.පියරත්න මහතා පවසයි.

ඉදිරියේ දී තවත් ආයතන පහක් මෙම පුහුණුව සඳහා අවස්ථාව ඉල්ලා ඇතැයි ප්‍රථමාධාර උපදේශකවරුන් වන ටී.ජී.එන්.කුමාර මහතා සහ ඩී.එම්.ඩබ්.බණ්ඩාර යන අය පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...