තිලීපන් සැමරුම් උත්සවය තහනම් කරමින් අධිකරණ නියෝගයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ත්‍රිකුණාමලය අධිකරණය විසින් තිලීපන් සැමරුම් උත්සවය තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇති අතර, අදාළ නියෝගයේ දැක්වෙන්නේ අද (26) ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ කූල කොට්ටන් ශාලාව, ගාන්ධි වටරවුම හා ත්‍රිකුණාමලය පොලිස් වසම තුළ තිලීපන් සැමරුම් උත්සවයක්, උද්ඝෝෂණයක්, පෙළපාළියක් හෝ විරෝධතාවයක් නොකරන ලෙසයි.

ත්‍රිකුණාමලය දෙමළ සංසදයේ සභාපති ආර් එෆ් ජෙරම්, ත්‍රිකුණාමලය දෙමළ ජාතික සංසදයේ කමිටු සාමාජික රමේෂ් නිකලස්, මුතූර් ආබාධිත සංසදයේ සභාපති සුහිර්ද ප්‍රියා, ත්‍රිකුණාමලය ජනතා පෙරමුණේ තරුණ සංගමයේ සභාපති ක්‍රිෂ්ණ පිල්ලේ ශ්‍රී ප්‍රසාත්, මුතූර් මහවිරු කමිටුවේ සභාපති කන්දයියා කාන්දීපන් නොහොත් පම්පරසන්, කාර්තික් කල්කිරියන් හා ඔවුන් විසින් පෙනී සිටින නියෝජිතයින් වෙත මෙලෙස අධිකරණ ආඥාවක් නිකුත් කර ඇති අතර,මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, ත්‍රිකුණාමලය වරාය පොලීසිය අධිකරණය වෙත කළ දැනුම්දීමකට අනුවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...

නමට අනුව ප්‍රසන්නත් නැති,ජයත් නැති අප්‍රසන්න පරාජිත වැඩ

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: පාසල් පැසි පන්දු සංගමයේ...