මොනවා කළත් ආණ්ඩුව IMF 40 වෙනි කොන්දේසිය ඉටුකරන්නේ නෑ – ගම්මන්පිල

Date:

කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි 52න් 38ක් ඉටුකර් තිබෙන නමුත් 40 වෙනි කොන්දේසිය නම් ඉටු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේය.

ඒ, අද (26) පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 40 වෙනි කොන්දේසිය වන්නේ ආණ්ඩුවේ මිලදී ගැනීම් වෙබ් අඩවියක පළකිරීම වන අතර ණය නැති වුණත් මෙය ඉටු නොකරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අද එම නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර සාකච්ජාව පැවැත්වෙන අබවත් මෙම ණය ගැනීම සඳහා දහසක් පොරොන්දු IMF වෙත ආණ්ඩුව ලැබ දී ඇති බවත් ඔහු සඳහන් කරන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගත්තේ දහසක් පොරොන්දු දීලා

මේ අතර සමාජ මාධ්‍ය නියාමනය ගැනද මන්ත්‍රීවරයා අදහස් දක්වා සිටියේය.

”සමාජ මාධ්‍ය නියාමනය කළ යුතුයි. නමුත් ජනතාවගේ අදහස් දැනගැනීමේ අයිතිය වළක්වන්න බෑ. මේවා නියාමනය කරන මුවාවෙන් ආණ්ඩුවට බනින එක නවත්වන්න බෑ. ආණ්ඩුව මේක හරහා මර්දනය කරන්න හැදුවොත් අපි උසාවි යනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් අදහස් පළකරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...