*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ප්‍රථම වරට කාන්තා නියෝජනයෙන් ස්වයංක්‍රීය පිරවුම් හලක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවෙහි ප්‍රථම වරට පූර්ණ ස්වයංක්‍රීය, කාන්තාවන් විසින් ක්‍රියාත්මක කරන ලංකා IOC ඉන්ධන පිරවුම්හලෙහි විශිෂ්ටතම එළිදැක්වීම පසුගියදා සිදු විය.

මෙය කොළඹ නගර මධ්‍යයේ රෝහල් චතුරශ්‍රයේ පිහිටා ඇති අතර එය දශක දෙකකට පසු නගර සීමාව තුළ විවෘත කරන ලද පළමු නව පිරවුම්හල වන අතර සතියේ දින හතේම පැය 24 පුරා සිය පාරිභෝගිකයින්ට සේවා සපයනු ඇත.

LIOC නිලධාරීහු පවසන්නේ, මෙම පිරවුම්හල රෝහලට සමීපව පිහිටා ඇති බැවින් වෛද්‍යවරුන්ට, රෝගීන්ට සහ සියලුම අයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි බවයි.

මෙම වටිනා කර්තව්‍ය පසු පස සිටින්නේ ශ්‍රී ලංකාවේ විශාලතම රෝහල සහ කාන්තා හා ළමා සෞඛ්‍ය පිළිබඳ ප්‍රසිද්ධියට පත් (Ninewells Hospitals) නයින්වෙල්ස් රෝහලයි.

නයින්වෙල්ස් රෝහල (Ninewells Hospitals) The UN Global Compact හි කාන්තා සමානාත්මතා වැඩසටහනේ සාමාජිකයකු වන අතර, ගෝලීය පරිමාණයෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාම සඳහා එහි කැපවීම මෙයින් පෙන්වා දෙයි.

මෙම නව ක්‍රියාවලියේ විශේෂත්වය වන්නේ, ගනුදෙනු විධිමත් කරන, කාර්යක්ෂමතාව සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නංවන ස්වයංක්‍රීයකරණය පදනම් වූ ‘මුද්‍රණයක් නැත, බෙදා හැරීමක් නැත’ යන කෙටි තාක්ෂණික NPND පද්ධතියයි.

මෙම ක්‍රමය මඟින් ඊළඟ ගනුදෙනුකරුට සේවා සැපයීම සහතික කරනු ලබන්නේ පෙර ගනුදෙනුව සඳහා වූ බිල්පත සාර්ථකව ලබා දුන් විට පමණි.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය DV චානක මහතා ,ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් Dr. Satyanjal Pandey, Access Group of company- Sumal Perera මහතා සහ Lanka IOC PLC හි කළමනාකාර අධ්‍යක්ෂ Dipak Das මහතා යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

නව පිරවුම්හල LP 92, LP 95, Lanka Auto Diesel, Lanka Super Diesel, Extra Premium Euro 3, සහ Extra Mile ඇතුළු පුළුල් පරාසයක පවතින ඉන්ධන වර්ග හරහා නිවැරදි සහ අඩු වැඩි වු මිල ගණන් සහිතව ඩීසල්, ලිහිසි තෙල් සහ ලාෆ්ස් LP ගෑස් සිලින්ඩර ඇතුළුව ස්වයංක්‍රීය මිලකරණයෙන් සමන්විත වේ.

මෙහි ඇති තවත් විශේෂත්වයක්‌ වන්නේ, ඉන්ධන පමණක්නොව, මෙහි , Café 9 යනුවෙන් රසවත් ආපනශාලාවක් පාරිභෝගිකයින් වෙනුවෙන් විවෘත කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan