කොළඹ LNW: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) 25 වැනි වරටත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය.
පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරන මෙම වාර්ෂික පොත් ප්‍රදර්ශනයයේ මෙවර ආරාධිතයින් ලෙස සහභාගී වුණේ පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ආරම්භයේ සිට කටයුතු කළ හිටපු සභාපති පස් දෙනෙකි.
මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට වසර 25ක් සම්පූර්ණ වීමේ රිදී ජුබිලිය ද සමරන ලද අතර විශ්ව විද්‍යාල සිසුන් 06කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් ද සිදු කෙරුණි.
මෙම පොත් ප්‍රදර්ශනය අද සිට එළඹෙන 06 වැනිදා දක්වා පැවැත්වෙයි.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න





