මම මැතිවරණයට තරඟ කරන්නේ නෑ – සී.වී.විග්නේෂ්වරන්

0
1341

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ (LNW):

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග නොකරන බව, දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසයි.

තරුණයන්ට අවස්ථාව ලබාදෙමින් තමන් මෙලෙස මැතිවරණ සඳහා ඉදිරිපත්වීමෙන් වළකින බව , නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපති ධුර අපේක්ෂක පී. අරියනේත්‍රන්ට සහය පළ කළේය.