ෂිගෙරු ඉෂිබා ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ (LDP) නායකත්ව මැතිවරණයෙන් ෂිගෙරු ඉෂිබා ජයග්‍රහණය කර ඇති අතර ඔහු රටේ මීළඟ අගමැතිවරයා වශයෙන් දියුරුම් දීමට සුදානම් බව වාර්තා වේ.

අද(27) දිනයේ පැවති මැතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීමේදී අපේක්ෂකයින් 9 දෙනාගෙන් කිසිවකුට බහුතරයක් ලබා ගැනීමට නොහැකිවීම හෙතුවෙන් දෙවන වටයේදී 67 හැවිරිදි හිටපු ආරක්ෂක අමාත්‍යෂිගෙරු ඉෂිබා ආර්ථික ආරක්ෂක අමාත්‍ය Sanae Takaichi (63) පරාජයට පත් කරමින් 215-194ක් ලෙස දැඩි තරඟයකින් ජයග්‍රහණය කර ඇත.

ෂිගෙරු ඉෂිබා ආරක්ෂක විශේෂඥයෙකු ලෙස සැලකෙන අතර ඔහු ඔක්තෝබර් 1 වනදා පාර්ලිමේන්තුවේදී එරට 65 වැනි අගමැති ලෙස නිල වශයෙන් දිවුරුම් දීමට නියමිත වන තර ඔහුගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් දේශපාලන ප්‍රවීනයන් සඳහන් කරන්නේ LPD ප්‍රවීණයෙකු ලෙස සැලකෙන ඉෂිබාට මෙය විශිෂ්ට ජයග්‍රහණයක් වන බවයි.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෂිගෙරු ඉෂිබා සඳහන් කර තිබුණේ, ‘ජනතාව විශ්වාස කරන්න, නිර්භීතව සහ අවංකව සත්‍යය කතා කරන්න, මේ රට නැවත වරක් සිනහමුසු මුහුණින් ජීවත් විය හැකි ආරක්ෂිත සහ ආරක්ෂිත ස්ථානයක් බවට මේ රට පත් කිරීමට මම මගේ උපරිමය කරන්නෙමි’ යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...