රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ (LNW)
කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශකවල අදත් කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබී තිබෙන අතර, සියළු කොටස් මිල දර්ශකය ඒකක 102.01 කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,773 යි දශම 8.8 ක් ලෙසයි.
එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 50.15 කින් ඉහළ ගොස් ඒකක 3,434 යි දශම 4 යි 4 ක් ලෙස සටහන් වී තිබෙන අතර, සමස්ත පිරිවැටුම අද ( 27 ) දිනයේ රුපියල් බිලියන 2.9 ක් ලෙස වාර්තා වේ.