බොරුව, වංචාව, මංමුලාව, රැවටිල්ල පරාජය කරන්න දැන් කාලය එළඹිලා – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් අල්ලනවා සේම රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323 නිදහස් කළ පුද්ගලයන්වත් අනාවරණය කරන ලස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අවධාරණය කරයි.

මේ මොහොත වන විට සමාජයේ නිර්මාණය වී ඇත්තේ බොරු කියන ජනතාව රවටන ආණ්ඩුවක් බවත් මුසාවෙන් මුලාවෙන් ඇන්දවීමෙන් සිය ජීවය ප්‍රාණය ලබා ගන්නා බවත් පැය 24ම දිනපතා සතිපතා මාස්පතා දිගින් දිගටම බොරුව,රැවටිල්ල, මංමුලාව පමණක් ගෙන යමින් සිටින බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

මේ වන විට මත්ද්‍රව්‍ය ඇල්ලීම පිළිබඳ විශාල ප්‍රචාරයක් දියත් කර ඇති අන්දමින් ප්‍රශ්නගත කන්ටේනර් 323 නිදහස් වූ ආකාරය සහ එහි ති⁣බු දේවල් නිදහස් කිරීමට අවසර දුන් අය කවුද කියා රජය අනාවරණය කළ යුතු බවත් හෙතෙම පවසයි.

එම කන්ටේනර්වල මත්ද්‍රව්‍ය මත්කුඩු, අනවසර භාණ්ඩ, නීතිවිරෝධී භාණ්ඩ තිබුණේද කියා හෙළිදරව් කළ යුතු බවද ප්‍රේමදාස මහතා තවදුරටත් කියාසිටියි.

වසරක් රටට බොරු කළ මෙ රජයට ජනතා තීන්දුව දෙන කාලය එළැඹ ඇති බවත් පළාත් සභා මැතිවරණයේ දී බොරුව, වංචාව, මංමුලාව, රැවටිල්ල පරාජය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ මොරටුමුල්ල ඉදිබැද්ද ප්‍රදේශයේ දී සමගි ජන බලවේගයට නව සාමාජිකයන් එක් කර ගැනීමේ වැඩසටහන හා ජන හමුවකට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...