මෙරට තරුණ පරපුර වෙනුවෙන් මනෝ සාමාජිය වැඩසටහනක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27 කොළඹ LNW :

මෙරට තරුණ පරපුර අතර, සිය දිවි හානි කරගැනිම වැලැක්වීම හා අඩු වයස් ගැබ් ගැනීම් වැලැක්වීම පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ මනෝ සාමාජිය වැඩසටහනක් කෑගල්ල කාර්මික විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසුම් බණ්ඩාර මහත්මිය විසින් අතීතයේ සහ වර්තමානයේ තරුණ ප්‍රජාව ගැටළු වලට මුහුණ දෙන ආකාරය වෙනස් වීමත් උපදේශනයේ වැදගත්කම මෙම අවස්ථාවට එක් වෙමින් පැහැදිලි කෙරිණි.

නව යොවුන් වියේ ගැබ් ගැනීම් හා සියදිවි හානි කර ගැනීම සම්බන්ධව මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්, පිඩාවෙන් තොර ජිවිතයට මනෝ විද්‍යා මගපෙන්විම, මනෝ විද්‍යා උපදේශන හා මනෝ විද්‍යා චිකිස්සක ක්‍රම පිළිබඳව දරුවන් දැනුවත් කිරිම සදහා මෙහිදී සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ, දිස්ත්‍රික් මනෝවිද්‍යා උපදේශන නිලධාරි එම්.බී.එම්.ඉක්බාල් මහතා ද මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී (උපදේශන) චන්දිමා වලිසිංහ මහත්මිය ද වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි (උපදේශන) එම් සෙන්දනායක යන මහත්ම මහත්මීන් විසිනි.

මෙම අවස්ථාව සදහා කෑගල්ල කාර්මික විද්‍යාලයේ විදුහල්පති පී.ජී.එස්.තලපිටිය මහතා, ගුරුවරුන් , ශිෂ්‍යන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...