මෙරට තරුණ පරපුර වෙනුවෙන් මනෝ සාමාජිය වැඩසටහනක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27 කොළඹ LNW :

මෙරට තරුණ පරපුර අතර, සිය දිවි හානි කරගැනිම වැලැක්වීම හා අඩු වයස් ගැබ් ගැනීම් වැලැක්වීම පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ මනෝ සාමාජිය වැඩසටහනක් කෑගල්ල කාර්මික විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසුම් බණ්ඩාර මහත්මිය විසින් අතීතයේ සහ වර්තමානයේ තරුණ ප්‍රජාව ගැටළු වලට මුහුණ දෙන ආකාරය වෙනස් වීමත් උපදේශනයේ වැදගත්කම මෙම අවස්ථාවට එක් වෙමින් පැහැදිලි කෙරිණි.

නව යොවුන් වියේ ගැබ් ගැනීම් හා සියදිවි හානි කර ගැනීම සම්බන්ධව මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්, පිඩාවෙන් තොර ජිවිතයට මනෝ විද්‍යා මගපෙන්විම, මනෝ විද්‍යා උපදේශන හා මනෝ විද්‍යා චිකිස්සක ක්‍රම පිළිබඳව දරුවන් දැනුවත් කිරිම සදහා මෙහිදී සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ, දිස්ත්‍රික් මනෝවිද්‍යා උපදේශන නිලධාරි එම්.බී.එම්.ඉක්බාල් මහතා ද මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී (උපදේශන) චන්දිමා වලිසිංහ මහත්මිය ද වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි (උපදේශන) එම් සෙන්දනායක යන මහත්ම මහත්මීන් විසිනි.

මෙම අවස්ථාව සදහා කෑගල්ල කාර්මික විද්‍යාලයේ විදුහල්පති පී.ජී.එස්.තලපිටිය මහතා, ගුරුවරුන් , ශිෂ්‍යන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...