නිශ්මං රණසිංහ සැප්තැම්බර් 27, කොළඹ LNW:
මේ දිනවල ක්‍රියාත්මක ඔස්ට්‍රේලියා 19 න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව දක්වන දක්ෂතා අඛණ්ඩව පවත්වා ගෙන යමින් යළිත් වරක් වර්ෂාව නිසා පන්දු වාර ව්ස්ස පන්දු වාර 9 දක්වා අඩු කරන ලද සිව්වැනි තරගයේ ජය ද ඩක්වර්ත් ලුවිස් යටතේ ජය ලබන්නට ශ්‍රී ලංකා තරුණියෝ සමත් වූහ.
තරග හතරක් නිමාවේ 4-0 ක් ලෙස තවත් එක් තරගයක් පමණක් ඉතිරිව සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවන වරටත් දක්වන ලද දක්ෂතා නිසා තරගයේ වටිනාම ක්‍රීඩිකාව වන්නට සංජනා කාවින්ද සමත් වූවාය.පන්දුවාර 9 ට සීමා වූ තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සංජනා පන්දු 16 දී ලකුණු 25 ක් ලබමින් පළමු කඩුල්ලට විමෝක්ෂා බාලසූරිය සමඟ ලකුණු 36 ක සබඳතාවයක්ද එක් කරන්නට දායක වූවාය.මැලිබන් අනුග්‍රහය ලබන තරගාවලියේ Quality Player ලෙස හිමිවන විශේෂ ඇගයීමට හිමිකම් කීවේ නායිකා මනුදි නානායක්කාරය.
පන්දුවාර 9 දී කඩුලු 6 ට ලකුණු 83 ක් ලැබූ ශ්‍රී ලංකාවේ ඉලක්කය හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව පන්දු වාර 6.3 දී තරගය නවතා දමන විට ලබා සිටියේ කඩුලු 4 ට ලකුණු 55 ක් පමණි.එය ඩක්වරත් ලුවිස් න්‍යාය යටතේ ඒ මොහොත වන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබා සිටිය යුතු ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 13 ක අඩුවක් වූ බැවින් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි විය.
