බදු ගෙවන්නන් සඳහා වන විශේෂ දැනුම් දීමක්!

Date:

කොළඹ LNW:2024/2025 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් එළැඹෙන සැප්තැම්බර් 30 හෝ ඊට පෙර සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දනුම් දෙයි.

මෙම නියෝගය පුද්ගලයන්ට අමතරව සමාගම්, සංස්ථා, හවුල් ව්‍යපාර සහ අනෙකුත් ලියාපදිංචි ආයතන සඳහා අදාළ වන අතර ගෙවීම් පත්‍රිකා ලැබෙන තුරු බලා නොසිට නියමිත බදු මුදල මාර්ගගත බදු ගෙවීම් පහසුකම (OTPP) මගින් ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් සිදුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රමාදයන් හෝ අතපසු වූ ගෙවීම් වෙනුවෙන් පොලී සහ දඩ මුදල් අයකරන හෙයින් භෞතික ගෙවීම් පත්‍රිකා සඳහා රැඳී නොසිටින ලෙසද දැනුම් දෙයි.

තවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දැනුම් දී සිටින්නේ, එමෙන්ම බදු නොගෙවීම හෝ ප්‍රමාදවී ගෙවීම් සඳහා පනවනු ලබන දඩ සහ පොළී කිසිදුවිටක ඉවත්කිරීම හෝ අඩු කිරීම සිදු නොකරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට තවදුරටත් දැනුම් දී සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...