*
Friday, September 27, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/27

  1. යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිතුරු වෙනුවට තවත් ප්‍රශ්න නිර්මාණය කරනු ඇති බව හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන පවසයි – මෙම ක්‍රියාවලිය අවුල් කළ හැකි හෝ ප්‍රමාද කළ හැකි බරපතල ගැටළු පිළිබඳව අනතුරු ඇඟවීමක් ද කරයි.
  2. අධි ආරක්‍ෂිත කලාප රෙගුලාසිවලට මාධ්‍යවේදීන්ගේ සංගම් අභියෝග කරයි. – “අත්තනෝමතික” නීතිවලට අවනත නොවන බව ද පවසා සිටියි.
  3. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපානයේ විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි සහ සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූං සමඟ ටෝකියෝ නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි – මෙම සාකච්ඡා පවත්වා ඇත්තේ වෙනවෙනම අවස්ථා දෙකකදී ය.
  4. 2022 අග භාගයේ දී, අපනයන ඇණවුම් මත ශ්‍රී ලංකා ආර්ථිකයේ අපේක්ෂිත අර්බුදය පිළිබඳ අපනයනකරුවන් වැඩි වැඩියෙන් සැලකිලිමත් වන බව නවතම ද්වි-වාර්ෂික අපනයන සමීක්ෂණයකින් හෙළිවෙයි – තීව්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් විශේෂයෙන් අසරණ වන බව අනාවරණය කරයි.
  5. ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇති බවත්, ණය හිමියන්ට ණය ගෙවීමට හෝ රටට අවශ්‍ය දේ ආනයනය කිරීමට නොහැකි බවත් සමඟි ජන බලවේගයේ ‘ආර්ථික ගුරු’ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. – උද්ධමනය දැවැන්ත වී ආර්ථිකය පහත වැටෙමින් පවතින බව ද පවසයි – ස්වෛරී ණය පැහැර හැරීම, සහ දේශීය මුදල් ඒකකය අවප්‍රමාණය කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ඇතුලු වීම මෙහෙයවීමට නායකත්වය දුන්නේ ඔහු බව ද මෙහි දී සිහිපත් කළ යුතුය.
  6. විදේශ ඇමති මොහොමඩ් අලි සබ්‍රි සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් බටහිර බලවතුන් හෑල්ලු කරති. – බටහිර රටවල් ගෙනහැර පාන “ණය උගුල්” තර්කය ද්වේශසහගත බව පවසමින් බැහැර කරති. – මීට ඉහත දී, ශ්‍රී ලංකාව සිය ණය ගෙවීම් පැහැර හැර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් අපේක්ෂා කිරීමට කටයුතු කිරීම ගැන චීනය සිය කළකිරීම ප්‍රකාශ කර තිබිණි.
  7. තරුණ මවක් දින 7ක් වයසැති තම බිළිඳා රුපියල් 50,000කට විකුණා දමයි! – ඈ ද ඇතුළුව මෙම ගනුදෙනුවට පහසුකම් සැපයූ අනුරාධපුර රජයේ රෝහලක හෙදියකගේ සැමියා අත්අඩංගුවට.
  8. කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. – ජනතාව කායිකව හා මානසිකව පීඩාවට පත්ව සිටින බැවින් එය තවත් ජනතා අරගලයක නැගිටීමකට මග පෑදිය හැකි බව අනතුරු අඟවයි.
  9. ඉකුත් දිනක ආනයනය කරන ලද බොරතෙල් තොගයක තත්ත්වය සම්මත ප්‍රමිතීන් හෝ සංයුතින්ට අනුකූල නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජානක රත්නායක පවසයි. – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔහුගේ මතය ප්‍රතික්ෂේප කරයි.
  10. පච්ඡ (ටැටූ) කලාව කරන ස්ථාන සහ පච්ඡ කරන්නන් නියාමනය කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. – පච්ඡ කෙටීමට භාවිතා කරන “ඉඳිකටුව” පිළිබඳ ප්‍රමාණවත් පුහුණුවක් නොමැති පුද්ගලයන්ගෙන් අනතුරු සිදුවිය හැකි බව පෙන්වා දෙති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan