සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම්: ජනපති

Date:

  • සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් – ජනපති
  • යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් – සිංගප්පූරු අගමැති

සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය‍.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං (Lee Hsien Loong) මහතා සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රසාදය පළ කළ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සංවත්සරයට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට මෙහිදී ආරාධනා කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD)
2022-09-27

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග...

කෙහෙළියගේ බෑනා,ලේලි සහ තවත් දියණියක් අල්ලස් කොමිසමට කැඳවල!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ලගේ බෑනා, ලේලිය සහ තවත්...

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ...

රවින්ද්‍ර හේවාවිතාරණගේ “ඇවිද මිනිසුන් අතර ” දොරට වඩී!

කොළඹ LNW:වසර තිස් හ⁣යක රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර...