නොරොච්චෝලේ 03 ඒකකය වැසෙයි – විදුලි කප්පාදුව ඉහළ නොදැමීමට පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට කොමිසමෙන් අවසර

Date:

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 03 වන ඒකකය වසා දැමීමට සිදුවූ බවට බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා පවසා සිටියි.

මේ හේතුවෙන් දෛනික විදුලි කප්පාදු කිරීම් ඉහළ දැමීමට සිදුවනු ඇති බවට මහජන උපයෝගීතා කොමිසම විසින් මීට ඉහත අනතුරු අඟවා තිබුණ ද, පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට එම කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන් බව ද අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් ඔස්සේ පවසයි.

ඒ අනුව, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මතුව ඇති ගැටළුව විසඳෙන තෙක් විදුලිය මිලදී ගැනීමට කටයුතු කරනු ඇති බව හෙතෙම අවධාරණය කරයි.

තවද, විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඩීසල්, නැප්තා ඇතුළු දැවිතෙල් විදුලි බල මණ්ඩලයට ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද එකඟතාවය පළකර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් පණිවිඩය හරහා පවසා සිටියේ.

මෙමඟින්, හෙට දින සිට විදුලි කප්පාදුවේ වැඩි කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නොවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...