නොරොච්චෝලේ බිඳ වැටීමට හේතුව මෙන්න – විදුලි ඉංජිනේරු සංගමය පහදයි (VIDEO)

වසර හතරකින් නඩත්තු කටයුතු කිරීමට තිබුණු ජනක යන්ත්‍ර වසර අටක් ගතවනතුරුත් එය සිදුකිරීමට නොහැකි වීම තුළ ඒවා බිඳ වැටීම සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

නොරොච්චෝලේ ජනක යන්ත්‍රයක් බිඳ වැටීම ගැන මාධ්‍යයට කරුණු පැහැදිලි කරමිනුයි ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා මේ බව සඳහන් කළේ.

මේ වන විට බිඳ වැටි ඇත්තේ 2018 වසරේදී දින 90ක නඩත්තුවක් කිරීමට තිබූ ජනක යන්ත්‍රයක් බවයි ඔහු කියා සිටියේ.

මෙලෙස බිඳ වැටීම් සිදුවන විට විදුලි කප්පාදු කිරීමට සිදුවන්නේ සැලසුම් අනුව බලාගාර ඉදිනොවීම බවද කුමාරවඩු මහතා සඳහන් කළේය.

ක්ෂේත්‍රවල සිටින විද්වතුන්ගේ සැලසුම් අනුව ක්‍රියාත්මක නොවී ජනාධිපතිවරු පැමිණ ප්‍රතිපත්ති මාරු කරමින් හදමින් තිබුණ බලාගාර නැවත්වීම කරන්නේ නම් ජනක යන්ත්‍ර කැඩුණු විට ක්‍රියාත්මක වීමට බලාගාර නොමැති වීම සිදුවන දෙයක් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...