*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

වැඩිම ලකුණු ගණනකින් ලද ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන්

අනේක පීඩාවන් මැද ආසියානු රගර් ප්‍රධානීන් සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රධානීන් ද,ඔවුන් හා සබැඳී ලංකාවේ ව්‍යාජ රගර් ප්‍රේමීන් ද එක්ව ශ්‍රී ලංකා රගර් වැඩ පිළිවෙලට කරන ලද අකුල් හෙලීම්වලින් ආසියානුු ක්‍රීඩා උළෙල පදක්කමක් දිනා ගැනීමට ගත් උත්සාහයන්ට බාධා කෙරිණ.කාලය,පහසුකම් සහ විශාල කාලයකිට අහිමි වූ තරග අත්දැකීම් සහ පුහුණුව රහිතව ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාව නමින්වත් නියෝජනයට ඉඩ නොලද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලියේ තරගයක වැඩිම ලකුණු ලද කණ්ඩායම වීමට සමත් වූහ.ඒ නේපාලයට එරෙහිව ලකුණු 68 – 00 ක් ලෙස ජය ලබමින්ය.
ආසියානු සභාපතීත්වය දරන ක්වායිස් අල් දලායිගේ මව් රට වන සවුදි අරාබිය මෙම තරගාවලියේ දී පුදුම සහගත වාසනාවන්ත ප්‍රවේශයක් ලබමින් නේපාලය සහ ඇෆ්ගනිස්තානය යන පහළම මට්ටමේ කණ්ඩායම් දෙක සමඟ එකම කාණ්ඩයෙන් තරග කර මුල් කණ්ඩායම් අට අතරට පිවිස පස්වන ස්ථානය දක්වා ඉහළට එන්නට සමත් විය.


ශ්‍රී ලංකාවට ඒ වාසනාව නොතිබිණි.ආසියාවේ පදයට නටමින්,දේශපාලන බලපෑම් කිරීම නිසා ජාත්‍යන්තර රගර් ලෝකය විසින් තහනම් කර ඇති දේශයක් බවට පත් කර පුහුණුව හෝ තරග අත්දැකීම් අහිමි කරන ලද ශ්‍රී ලංකා ක්‍රිඩකයින්ට මූලික වටයේදී තරග කරන්නට ලැබුණේ ද,අනු සූරතාවය දිනූ කණ්ඩායම සහ අටවන ස්ථානය දිනූ කණ්ඩායම සමඟය.
එවැනි වාතාවරණයක දී වුව ශ්‍රී ලංකා රගර්, ආසියානු තරගාවලියේ රගර් වෙනුවෙන් කර තිබූ සැළසුම්වලින් සියයට 25 ක 30 ක කොටසක්වත් සම්පූර්ණ කර නොතිබියදී,ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවේ රගර් වෙනුවෙන් පෙනී සිටිමින් ආසියානු රගර් මාෆියාව සහ ඒ සමඟ එකට සිටි ශ්‍රී ලංකාවේ ව්‍යාජ රගර් ප්‍රේමීන් පරාජය කරමින් මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගි කරවීමත්,එම කණ්ඩායම තරගාවලියේ ඉහළම ලකුණු පරතරයක ජය වාර්තා කිරීමත් ශ්‍රී ලංකා රගර් ලද විජයග්‍රහණයකි.


ශ්‍රී ලංකා රගර් දැඩි දුෂ්කරතා මැද්දේ තරගාවලිය පැවත්වෙන චීනයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිටුවා තබන්නට ගත් උත්සාහයේදී එයට කරන ලද දේශපාලනික එරෙහිවීම් ඉදිරියේ පවා නොසැලී ශ්‍රී ලංකා රගර් ක්‍රීඩකයින්ට ආශිර්වාද කරන්නට එකතු වූ සැබෑ රගර් ප්‍රේමී අනුග්‍රහකයන් ද මෙහිදී ප්‍රායෝගික දේශප්‍රේමීන් ලෙස රට වෙනුවෙන් නිර්භීතව පෙරට ඒම ප්‍රශස්ත කටයුත්තකි.
ඉහළම ලකුණු පරතරයක් සහිත ජයග්‍රහණයට උර දෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නේපාලයට එරෙහිව වැඩිම ලකුණු ප්‍රමාණයක් එක් කරන්නට සමත් වූයේ කවිඳු කොස්තා ය.ඔහු උත්සාහක දිනුම් දෙකකින් සම උථ්සාහක දිනුම් තුනක ප්‍රවර්ථන හරහා ලකුණු 16 ක් ශ්‍රී ලංකාවට එකතු කරන්නට දායක විය.උත්සාහක දිනුමක් ලබා ගනිමින් සහ උත්සාහක දිනුම් හතරක ප්‍රවර්ථන සාර්ථක කර ගනිමින් නායක තරින්ද රත්වත්ත ලකුණු 13 ක් එක් කරන්නට සමත් විය.


අංජුල හෙට්ටිආරච්චි සහ දර්ශන දාබරේ උත්සාහක දිනුම් දෙක බැඟින් ලබා ගනිමින් ලකුණු 10 බැගින් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු කරන්නට සමත් විය.අදීශ විරතුංග සහ දිනුප සෙනවිරත්න උත්සාහක දිනුමක් සමඟ එහි ප්‍රවර්තනයන් ද සාර්ථක කර ගනිමින් ලකුණු 7 බැඟින් එක් කළහ.උත්සාහක දිනුම් ප්‍රමාණය 10 ක් කරමින් ඉතිරි උත්සාහක දිනුම ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කළේ රමේශ් රුක්මාල් ය.
ශ්‍රී ලංකාව 2018 දී මෙම තරගාවලියේ ලැබූ 4 වන ස්ථානයෙන් පියවරක් ඉදිරියට ගොස් පදක්කමකට පිවිසෙන්නට තිබුණ අවස්ථාව මුල් කණ්ඩායම් 10 අතරට පැමිණීමක් දක්වා තත්ත්වයෙන් පහළ දැමීමට මෙන්ම,එම තරගාවලිය ඇතුළේ සිටි කණ්ඩායම් 12 ක් අතරින් 12 වන ස්ථානයට සිටි සවුදි අරාබියට මුල් කණ්ඩායම් පහ අතරට එන්නටත් ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ව්‍යාජ රගර් ප්‍රේමීන් උපකාර කළ බව මේ රටේ පුරවැසියන් අවබෝධ කර ගත යුතුය.

ශ්‍රී ලංකාවේ රගර් 2018 සහ 2023 ලෙස සංසන්දනය කර කිසිවෙකුට කරුණු දැක්වීමට නොහැකි අතර එය මෙම වසර දෙකට අදාළව සවුදි අරාබිය සිටින තැනටද සම්බන්ධය.ඒ නිසා මේ කණ්ඩායම් දෙකේ තත්ත්වය එකම අමුඩයකින් වසා දැමුණ කණ්ඩායමකගේ හෙළුවක්ව පවතින්නේය.ඒ නිසා කණ්ඩායමක පරාජයේ හෝ කණ්ඩායමක ජයග්‍රහණයේ කතාව කියද්දී ලිහෙන අමුඩයෙන් එළියට පනින්නේ අශිෂ්ඨ,අශිලාචාර සහ ව්‍යාජ සමූහ ක්‍රියාකාරීත්වයක අසුන්දර හෙළුවය.
දැන්වත් වත්මන් ක්‍රිඩා අමාත්‍යවරයාට මෙහි යථාර්තය අවබෝධ කර ගැනීමට හැකිනම්,ඉදිරි වසර හතරක කාලය සඳහා අමාත්‍ය බලය භාවිතා කරමින් රගර් ප්‍රජාව අතර ජනප්‍රිය සහ රගර් ක්‍රිඩාවට ක්‍රිඩා අමාත්‍යංශයට උපකාර කිරීමට වත්කමක් නොමැති වාතාවරණයක ශ්‍රී ලංකා රගර් වෙත කරන ලද බාධා කිරීම් මැද්දේ ද,අනුග්‍රාහකයින් සොයා ගනිමින් ශ්‍රී ලංකා රගර් පෙරට රැගෙන ගිය වත්මන් පාලකයන්ට නිලවරණයට ආරාධනා කර,ඔබතුමා වටේ සිටින මවාගත් රගර් ප්‍රේමීන්ට ද රගර් වෙනුවෙන් හෙලන වගුරන හොටු කදුළු පිස නිලවරණයට පැමිණ,ශක්තිමත් කණ්ඩායමට ජයගෙන ශ්‍රී ලංකා රගර් හී වගකීම භාර ගන්නට කිව යුතුය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan