සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක අතිරික්තයක්.ආනයනයේ අවශ්‍යතාවක් නැහැ – නිලධාරීන් ඇමතිට කියයි

Date:

කොළඹ LNW:මෙරට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක අතිරික්තයක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 08ක වී වගා කර තිබෙන අතර මෙවර යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ තුන්දහසක් වගා කර තිබෙන බව දැනට පවතින සහල් සහ වී තොග පිළිබඳව සමාලෝචනයක් සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කළ කරුණු විමසීමකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබේ.

ඒ අනුව කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 13ක වී වගා කර ඇත.

මෙට්‍රික් ටොන් 3.5 සිට 5 දක්වා වී අස්වැන්නක් හෙක්ටයාර් එකකින් ලබා ගෙන ඇති අතර දිස්ත්‍රික්ක කිහිපයක මෙට්‍රික් ටොන් 7 සිට 11 දක්වා වු අස්වැන්නක් ද ලබා ගෙන තිබේ.

පසුගිය මහ කන්නයේ හා මෙවර යල කන්නයේ සමස්ත වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 52ක් වන අතර ඉන් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 31ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට මාසික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් බවටයි දැක්වෙන්නේ.

ඒ අනුව වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් බව දැක්වෙයි.

අතිරික්ත සහල ප්‍රමාණය මෙවර මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් ප්‍රමාණවත් වන අතර සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙන්වා දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...