දළදා මාලිගාවට පැමිණි අග්‍රාමාත්‍යවරිය!

Date:

කොළඹ LNW: අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (28) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්තාය.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අග්‍රාමාත්‍යවරිය පිළිගන්නා ලද අතර අනතුරුව ඇය වැඩ සිටින මාලිගයට ගොස් වන්දනාමානවල නිරතවූවාය.

පසුව අමරසූරිය මෙනවිය මල්වතු මහා විහාරයට පැමිණ එහිදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක සුහඳ පිළිසඳරක නිතරවූවාය.

එම අවස්ථාව සඳහා මල්වතු මහා විහාරීය කාරක සංඝසභාවේ මහා සංඝරත්නය වැඩම කොට සිටි අතර ඉන් පසු ඇය අස්ගිරි මහා විහාරයට වැඩම කළාය.

අස්ගිරි මහා විහාරීය මංගල උපෝෂථාගාරයේදී මහා නායක හිමි අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැටු අගමැතිනියට එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් අනුශාසනා කථාවක් කරමින් සුභාශිංසන එක් කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...