තැපැල් ජන්ද දායකයින්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් මස 01 වැනිදා සිට 08 දා දක්වා සිදුකිරීමට නියමිතයි.

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුකූලව තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාර ගැනීම සඳහා මැතිවරණය ප්‍රකාශයට පත්කර 07 වන දිනයේ සිට 14 වන දිනය දක්වා කාලය තුළ ඒ සඳහා කටයුතු කළ යුතු වෙයි.

ඒ අනුව මැතිවරණ කොමිසම ඉල්ලා සිටින්නේ සියලුම තැපැල් ඡන්ද දායකයින් මෙම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් මේ කාලය තුළදී අදාළ ආයතන ප්‍රධානියා මගින් සහතික කරවාගෙන ඡන්දය ලියාපදිංචි කර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීයාට ලැබෙන්න සලස්වන ලෙසයි.

මෙම මැතිවරණය සඳහා පාදක කරගන්නේ 2024 ඡන්දහිමි නාමලේඛනය වන අතර ඒ අනුව පසුගිය ජනාධිපතිවරණය සඳහා භාවිතා කළ ඡන්දහිමි නාමලේඛනය මහ මැතිවරණයට ද යොදා ගැනෙනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...