නව රජයේ වැඩපිළිවෙල ගැන මහ නායක හිමිවරුන්ගේ ප්‍රසාදය!

Date:

කොළඹ LNW:ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයත් ජයග්‍රහණය කර වර්තමාන රජයේ වැඩ පිළිවෙළ ඉදිරියටම ගෙන යන ලෙස මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ අගමැතිනිගෙන් ඉල්ලා සිටියහ.

ඒ,අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙනෙවිය අද (28) මහනුවර දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ද බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.

ජාතික ජන බලවේග රජය රාජ්‍ය පාලනය භාරගැනීමෙන් පසුව රට තුළ ඇති වී තිබෙන වෙනස පිළිබදව මහනායකහිමිවරු අගමැතිනියට උන්වහන්සේලාගේ ප්‍රසාදය පළ කර තිබෙන අතර තවදුරටත් එම කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට ආශීර්වාද කර තිබේ.

නායකත්වය සෘජුව ඉදිරියට යන විට අනෙක් අයද ඒ පසුපස පැමිණෙන බවයි එහිදී මහනායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ.

මේ අතර රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මහජන විශ්වාසය තහවුරු කිරීමට ඉදිරි පියවර ගන්නා බවද අගමැතිනිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...