නව රජයේ වැඩපිළිවෙල ගැන මහ නායක හිමිවරුන්ගේ ප්‍රසාදය!

Date:

කොළඹ LNW:ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයත් ජයග්‍රහණය කර වර්තමාන රජයේ වැඩ පිළිවෙළ ඉදිරියටම ගෙන යන ලෙස මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ අගමැතිනිගෙන් ඉල්ලා සිටියහ.

ඒ,අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙනෙවිය අද (28) මහනුවර දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ද බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.

ජාතික ජන බලවේග රජය රාජ්‍ය පාලනය භාරගැනීමෙන් පසුව රට තුළ ඇති වී තිබෙන වෙනස පිළිබදව මහනායකහිමිවරු අගමැතිනියට උන්වහන්සේලාගේ ප්‍රසාදය පළ කර තිබෙන අතර තවදුරටත් එම කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට ආශීර්වාද කර තිබේ.

නායකත්වය සෘජුව ඉදිරියට යන විට අනෙක් අයද ඒ පසුපස පැමිණෙන බවයි එහිදී මහනායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ.

මේ අතර රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මහජන විශ්වාසය තහවුරු කිරීමට ඉදිරි පියවර ගන්නා බවද අගමැතිනිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...