*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

හරිනිට හරි වැඩ කරන්න ඔත්තු සැපයීමක්

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 28, (LNW) කොළඹ :

ක්‍රීඩා මාධ්‍ය ජීවිතයේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වශයෙන් තැබූ සටහනක් නැවත තැබිය යුතු යැයි හැඟේ. ඒ ක්‍රීඩාව වෙනුවෙන් ය.ලංකාවේ ඒ, ඒ ක්‍රීඩා සඳහා ලංකාවෙ ඒ, ඒ ක්‍රීඩා සඳහා සකස් කළ පරිපාලනයන් ඇත.ඒවා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරු නිරන්තරයෙන් කළේ සහ ඒ ක්‍රීඩාවන් හී නියැලි පරිපාලනයට උනන්දු වූ පිරිස්වලට ප්‍රධාන වශයෙන් කරන්නට අවශ්‍යය වූයේ කුමක්ද?
නිලධාරියෙකුට බලයේ සිටිය හැක්කේ අවස්ථා කීයක්ද යන්න තීරණය කිරීමය.නැත්නම් තනතුරකට වයසක් තීරණය කිරීමය.වයස වැනි කාරණා තීරණය කරන්නේ රටක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට වයසක් අදාළ නැති දේශපාලන කේෂ්ත්‍රයේ අයෙක්ය.


මේ තත්ත්වය යටතේ සමහරවිට ක්‍රීඩාවට වැඩ කරන්නට හොඳටම හැකියාව ඇති අයෙකුට පත්වෙන වාර ගණනෙන් සීමා වැටෙන්නට හැකිය.සෞඛ්‍යමය වශයෙන් සුදුසුද නැද්ද යන්න සළකා බැලීමකින් තොරව හොඳින් වැඩ කළ හැකි අයෙකුගේ සේවය ඉලක්කමක් පමණක් වන වයසෙන් එම ක්‍රීඩාවට අහිමි වන්නට ද හැකිය.
එම තීරණවල සාධාරණ අසාධාරණ කම් මැන බැලීමට කල්පනා කිරීම ද සුදුසු ය.එසේම ක්‍රීඩාව භාර අමාත්‍යවරයෙකුට කල්පනා කරන්නට සහ සිඳු කරන්නට ද තවත් වැදගත් කාරණා ගණනාවක් ඇත.


ඉතාම පහළ මට්ටමේ පවතින ක්‍රීඩාවකට වුව ද පත්වීම සඳහා නිලවරණවලදී ගහ මරා ගැනීම සාමාන්‍ය තත්ත්වයක්ය.ඒ පත්වීම වැදගත් වන්නේ ඒ හරහා විශාල ජාත්‍යන්තර සබඳතා ජාලයක් ඇති කර ගන්නට ලැබෙන ඉඩ නිසාය.
එහෙත් එම ක්‍රීඩාවට සහ එම ක්‍රීඩාව තෝරා ගන්නා අයෙකුට ලැබෙන ජාත්‍යන්තර ඉඩකඩ තීරණය වෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදල් ලබා දෙන්නේද,නැද්ද යන කාරණය පදනම් කරගෙනය.ඉතා සුළු මට්ටමේ ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වීමට එම ක්‍රීඩා සංගම් සම්මේලන අමාත්‍යාංශය වෙතින් මුදල් ආධාර ඉල්ලා සිටීම සාමාන්‍ය තත්ත්වයකි.


ක්‍රීඩා අමාත්‍යාංශය මුදල් ආධාර ලබා දෙන්නේ කුමනාකාරයේ ක්‍රීඩා තරගාවලිවලට ද යන්න තීරණය කළ යුතුය.එහෙත් ඔලිම්පික් සුදුසුකම් ලැබීම වැනි අවස්ථාවක් විශේෂ කොට සළකන්න වෙනු ඇත.


එවැනි තත්ත්වයන්ගෙන් බැහැරව අදාළ ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග අවස්ථා ලබා දිය හැකි අනෙකුත් තරගාවලිවලට අදාළ සංගමය හෝ සම්මේලනය මුදල් ප්‍රතිපාදන සොයා ගත යුතු ය. නිලවරණය කළමනාකරණය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් සංවර්ධන දෙපාර්තමේන්තුවට ඇති බලය මේ තත්ත්වයේ දී, වයස බලන්න, නිලතලවල සිටි කාලය බලන්න ලෙස වැය කරන කාලයට වඩා ප්‍රයෝජනවත් ආකාරයට භාවිතයට ගත හැකිය.


උදාහරණයක් ලෙස ක්‍රීඩා සංගමයක් බලයට පැමිණෙන කාලයට අදාළ ව පවතින ප්‍රධාන තරගාවලි සහ අනෙකුත් ජාත්‍යන්තර තරග අවස්ථා සම්බන්ධයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ එම ක්‍රීඩාව භාර නිලධාරියාට ද අවබෝධයක් ඇත.ඒ අනුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යංශයෙන් වගකිම ගනු ලබන ඉසව් සහ අදාළ ක්‍රීඩා සංගමය විසින් අනුග්‍රහය සොයා ගත යුතු ඉසව් කවරේද යන්න සොයා ගත යුතුය.ඒ සම්බන්ධයෙන් නිලවරණයට සභාපති ලෙස ඉදිරිපත් වන තනි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් නියෝජනය කරමින් සභාපති පදවියට ඉදිරිපත් වන පුද්ගලයා හෝ සිය නිලවරණ අයදුම්පතක් සමඟ එම සැළසුම ද අත්සන් තබා සංවර්ධන දෙපාර්තමේන්තුවට එකඟතා ගිවිසුමක ස්වරූපයෙන් භාර දිය යුතුය.


ක්‍රීඩා අමාත්‍යංශයට ඒ නිසා ඉතුරු වෙන විශාල මුදල රටේ ක්‍රීඩාවේ මූලිකාංග සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙත යෙදවිය හැකිය.තවමත් ලංකාවේ මලල ක්‍රීඩා තරගයක් පැවත්විය හැකි ජාත්‍යන්තර පෙණුමක් අවම ලෙස හෝ දැකිය හැක්කේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පමණි.එම ධාවන පථයද අලුතෙන් යොදවන තත්ත්වයට වැටී තිබෙන අතර දියගම එලා ඇති ධාවන පථයේ ධාවන පථවල සීමා මැකී යන්නට පටන් ගත්තේ එම ඉදිකිරීම් පියවීමටත් පළමුව යන්නද අමාත්‍යවරියගේ හිතේ තැන්පත් කරගෙන එම කොන්ත්‍රාත්කරුවන් කැඳවීම අගනේය.


නුවරඑළිය වැනි සංචාරක ආකර්ශණය වැඩිම ප්‍රදේශයක් ආසන්නයේ ගුවන් තොටුපළක් වැනි දෙයක් ඉදි කරන්නේනම් වඩා වැදගත් වනු ඇත.එසේම එම ප්‍රදේශයට කෘතිම ධාවන පථයක් සහිත එළිමහන් ක්‍රීඩා පහසුකම් සහ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් පැමිණිමේ වැදගත්කම හැම ඇමතිම වාචිකව පිළිගත්තත් ඒවා සැබෑ වෙන ක්‍රියාන්විත සිඳු වී නොමැත.එසේම ලිඳුල වැනි ප්‍රදේශයක ඇති රගර් සහ ක්‍රිකට් පිටි පරිපාලනය විධිමත් අයුරෙන් එම ක්‍රීඩා සංගම්වල අධීක්ෂණයට භාර දීය හැකි නම් වැදගත්ය.
ඒවා වැඩි විදේශිකයන් පිරිසක් පහසුවෙන් ක්‍රීඩා ඉසව් නැරඹීම සඳහා කැඳවා ගත හැකි ප්‍රදේශ වන අතර නවාතැන් පහසුකම් ද හොඳින් ඇති ප්‍රදේශය.ලිඳුල රගර් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම වෙනුවට හිටපු ක්‍රීඩා ඇමතිත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් පොළඹවා ගනිමින් ක්‍රීඩා සමාජ කිහිපයක්,රගර් ව්‍යවස්ථාවෙන් තමන්ගේ බලය වැඩි කර ගැනීමට ජාත්‍යන්තරය ද අල්ලා ගෙන කටයුතු කරමින් තිබෙන මොහොතක අමාත්‍යවරියට කිව යුතුව ඇත්තේ අපේ රටේ ක්‍රීඩාව තව දුරටත් ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රාදේශිය වශයෙන් බලය ව්‍යාප්ත කිරීම රජයේ අරමුණ බැවින් ප්‍රදේශ දෙකකට සීමා වී ඇති ක්‍රීඩා සමාජ කිහිපයකට බලය යන ලෙස ක්‍රීඩාවක ව්‍යවස්ථාව වෙනස් කිරීමට යෝජනා කිරීම රජයේ ප්‍රතිපත්තවලට පටහැනි බව පමණි.ඒ නිසා එම ක්‍රීඩාවන් හී ව්‍යවස්ථාවෙන් එවැනි කරුණු වෙනස් කිරීමෙන් රටේ රාජ්‍ය ප්‍රතිපත්තියට සිඳුවන හානිය ගැන සිතා එය ඉවත් කරන ලෙස ඉල්ලීම පමණි.රටේ රගර් ක්‍රීඩාව ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත කිරීමට කටයුතු සැළසුම් කර ඇති ව්‍යවස්ථාව සකසා ඇත්තේ ද ජාත්‍යන්තරයේ උපදෙස් අනුව ඔවුන්ම යෙද වූ පුද්ගලයෙක් යන්නද මෙහිදී අවධාරණය කිරීම වැදගත් විය හැකිය.


ලංකාවේ ව්‍යපාරික ප්‍රජාවට යම් බඳු සහනයක් දෙමින් රටේ ක්‍රීඩාවන් හී සංවර්ධනය සහ එහි තරග කටයුතු සඳහා අනුග්‍රහයක් ලබා දිය හැකිනම් මෙන්ම අධ්‍යාපනයේ සහ ක්‍රීඩාවෙන් රටේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන්ට විදේශීය ශිෂ්‍යත්ව ලබා දීය හැකිනම් එය ද වැදගත් වනු ඇත.උදහරණයකට රුමේෂ් තරංග (හෙල්ල වීසි කිරීම – බලධාරීන් විසින් අවස්ථාව දුන්නේනම් මෙවරත් ඔලිම්පික් නියෝජනයට ඉඩ තිබුණු ක්‍රීඩකයෙක්ය.) උමයංග මිහිරාන් (මේ වන විටත් සරසවි සිසුවෙකි.බොක්සිං ක්‍රීඩකයෙක්ය.) විරේන් නෙත්තසිංහ (බැඩිමින්ටන්) සහ නෙත්මි අහිංසා (මල්ලව පොර) මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් එම අනුග්‍රහය ආරම්භ කළ හැකිය.මේ වන විටත් පෞද්ගලිකව කරන ලද මැදිහත්වීමක් හරහා තරුශි කරුණාරත්න ඇමෙරිකාවේ පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා සිටින්නේය.


මෙම ලැයිස්තුවට තවත් ඇතුළත් කළ හැකි නම් ඇත.එහෙත් මේ නම විශේෂ කොට දැක් වූවේ ඔවුන්ට තවත් ඔලිම්පික් තරග ගණනාවකට සහභාගි වීමට හැකි තරම් දුරක් පෙනෙන්නට තිබෙන නිසාය.
තවත් අපූරු ක්‍රීඩා සංකීරණ දෙකක් ඉදිකළ හැකි ස්ථාන දෙකක් ගැන ද කියන්නට හැකිය.මේ ස්ථාන දෙකම ඟඟක් මැදි කර ගෙන අපූරු හැඩක් එන්නට ඉදි කළ හැකි ක්‍රීඩා සංකීරණ වෙනු ඇත.එකක් නාවලපිටය ජයතිලක ක්‍රීඩාංගණය ය.දැනටමත් ජාතික මට්ටමේ ක්‍රීඩා තරග පවත්වන මෙම ක්‍රීඩාංගණය තව දුරටත් පුළුල් කර ගඟේ එහා ඉවුරට ගෘහස්ථ ක්‍රීඩාංගණය ගෙන යා හැකිනම් එය ඉඩ පහසුකම් සහිත අපූරු තැනක් වනු ඇත.එසේම රත්නපුර නගරයේ ප්‍රධාන ක්‍රීඩාංගණ ඟං ඉවුරු දෙකෙහි පිහිටා ඇත.මොලෝ රහක් නැති මෝඩම මෝඩ පාළමකින් මේ ක්‍රීඩාංගණ දෙකම යා කර ද ඇත.


එම පාළම විසල් කර ක්‍රීඩාංගණ දෙක ඉහළ මට්ටමට සංවර්ධනය කළ හැකිනම් අපූරුය.දෙකම එක පාර කඩා බිඳ ක්‍රීඩා කරන්නට ඇති පහසුකම් නැති කර ක්‍රීඩාව පස්සට නොදමා එකින් එක ඒවා ඉදි කරන්නට අවධානය යොමු කළ යුතුය.එසේම එක් ඉවුරක තිබෙන ක්‍රීඩාංගණයේ යම් බිම් කොටසක් දේශපාලනඥයෙකු විසින් අත්පත් කරගෙන තිබීම ගැන ද සොයා පරීක්ෂණයක් කිරීම ද වැදගත්ය.
මූලික වශයෙන් යම් කිසි වානිජමය පදනමකින් ක්‍රිකට් මෙන් ක්‍රියාත්මක වන කීඩා පරිපාලන කිහිපයක් වසර කිහිපයක් ඇතුළත මේ රටේ සකස් කළ හැකිනම් එය ර්‍කීඩාවේ උන්නතියට දේශපාලනික බලයෙන් ක්‍රීඩාව අදේශපාලනික තැනක් බවට පත් කරන්නට දරණ ධනාත්මක මැදිහත්වීමක් වනු ඇත.ක්‍රිකට් දැනටත් සිය ආදායමෙන් වෙනත් ක්‍රීඩාවන්ට,ක්‍රීඩා සංවර්ධන කටයුතුවලට ආධාර දීම සිඳු කරන අතර රටේ ක්‍රීඩා පණතේ බලය ඇති අමාත්‍යවරයා ලෙස “කාරුණික“ යන වචනය යොදා කප්පම් ඉල්ලන ආකාරයට ක්‍රිකට් වෙතින් මුදල් ඉල්ලා සීටීම වෙනුවට ද්වීපාර්ශික සාකච්ඡාවකින් රටේ ක්‍රීඩාවේ කුමනාකාරයේ ඉසව් සංවර්ධනය ක්‍රිකට් වෙත භාර ගත හැකි දැයි අවබෝධ කර ගැනීම වැදගත්ය.


මේ වන විටත් ක්‍රීකට් සභාපතිවරයාට පෞද්ගලික ඉල්ලීමක් ලෙස වෙබ් අඩවිය හරහා හෙල්ල වීසී කිරීමේ සූරයාට 2028 වසරේ ඔලිම්පික් උළෙල දක්වා අනුග්‍රහය දැක්විය හැකිදැයි යන්න ගෞරවාන්විතව ඉල්ලා ඇත.එ් ආකාරයටම අමාත්‍යංශය ආසියානු පදක්කම්ලාභී මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් දුන්නේ මෑතකදී ය.එහෙත් අප විසින් පළ කරන ලද ප්‍රවෘත්තියකින් ඉනික්බිති ශ්‍රී ලංකා ක්‍රිකට් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම පුහුණුකරුවන් දෙදෙනෙක්ටද මුදල් ත්‍යාග බෙදා දෙන්නට කටයුතු කළේය.
මේවා ඉඟි ලෙස ගෙන බලය ආයුධයක් කර රඟමින් එකිනෙකාගේ බල ව්‍යාපෘතිවල ඉත්තන් වී ඇමති ධූර ද අතහැර යන්න වෙන තරමේ අඥාණ තීරණ ගැනීමට නව ක්‍රීඩා අමාත්‍යවරිය පෙළඹෙන්නේ නැති බව අපි වශ්වාස කරන්නෙමු.විශේෂයෙන් ඒ ඇයගේ අධ්‍යාපනික දැණුම සහ සමාජශීලී වැඩ කටයුතුවලට ඇති ඉතිහාසය සළකාය.


එහෙත් දැනටමත් ඇය අයත් ප්‍රභූ සමාජයේ අනන්‍යතාව නිසා රගර් වැනි ක්‍රීඩා ව්‍යස්ථාව වෙනස් කර,බලය ක්‍රීඩා සමාජ කිහිපයකට පැවරීමට ඇය එකග වෙනු ඇති බවට ද රාවයන් පැතිරෙමින් ඇත.මේ සියල්ල වෙනස් කර ක්‍රීඩාව හරි මඟට ගන්නට මේ දක්වා ක්‍රීඩාවේ අසාධාරණයට ලක් වූ බව කියන පුද්ගලයන් සමඟ කෙටි හෝ පිළිසඳරවල් කරමින් ඒවා ද නිවැරදි කර ගනිමින් ඉදිරියට යනු ඇත.
මේ අවසාන වටය යැයි සිතන්න.ඔබට ඉදිරියෙන් ලංකාවේ ක්‍රීඩාව ගඅන අවිද්‍යාත්මක මත දරණ,පෞද්ගලික න්‍යාය පත්‍රවල වෙලී ඇලී සිටින නිලධාරි දුවමින් ඇත.අප පරාද වන්නේ ඔවුන් ඔවුන්ගේ ඉලක්ක සාක්ෂාත් කරන්න දරණ උත්සාහය මල්පල ගන්වන්න කරන වැඩ කටයුතු නිසාය.ඒ නිසා පළාත් සහ ජාතික ලෙස ක්‍රීඩාවේ නිලධාරීන් බෙදී ඇති ආකෘතිය පළමුව අවසන් කර ජාතික සැළසුම් ක්‍රියාත්මක කිරීමට ඊට අවශ්‍ය්‍ය කාර්යක්ෂමතාවය සහ දැණුම තිබෙන පිරිසක් ළං කර ගැනීම ද අවධානයට ලක් විය යුතුය.ඉතිං අවසාන වටයේ දී පිළිල පරාජය කර ජයග්‍රහණය වෙත යශ්ඨිය රැඟෙන යන්නට උත්සාහ ගන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan