බලයෙන් පහ කළැයි කී චීන ජනාධිපති යළිත් ප්‍රසිද්ධියේ පෙනී සිටී

Date:

හමුදා කුමන්ත්‍රණයක් මගින් චීන ජනාධිපති ෂී ජින් පින් බලයෙන් පහකර ඇති බවට පසුගිය දිනවලදී සමාජ ජාලා මාධ්‍ය හරහා විවිධ පුවත් පළවිය. ජනාධිපතිවරයා නිවාස අඩස්සියට පත්කර ඇති බවත්, හමුදා නායකයෙකු මීලඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වී තිබිණි.

මෙම සියලු පුවත් නිර්මාණය වූයේ චීන රජයේ උදහසට ලක්වීම හේතුවෙන් රටින් පළාගොස් ඇමරිකාවේ ජීවත් වන චීන මාධ්‍යවේදියෙකු සිය ට්විටර් ගිණුම ඔස්සේ පළකළ තොරතරු පාදක කර ගනිමිනි.

මෙම තොරතුරු අසත්‍ය බව ප්‍රකාශ කළ පාර්ශ්ව පෙන්වා දුන්නේ චීන ජනාධිපතිවරයා විදෙස් සංචාරයකින් අනතුරුව නැවත සියරට පැමිණි තමාගේ නිරෝධායන කාලසීමාව ගත කරමින් සිටින බවයි. ඔහු දින කිහිපයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය වී ඇති බවද ඔවුන් පෙන්වා දී තිබුණා.

බලයෙන් පහ කළා යැයි අසත්‍ය පුවත් වාර්තා වූ ජනාධිපති ෂී ජින් පින් බීජිං අගනුවර මහජන ප්‍රදර්ශනයක් විවෘත කිරීම සඳහා එක්ව තිබෙනවා. පසුගිය දිනවලදී පළ වූ අසත්‍ය පුවත් හේතුවෙන්, ජනාධිපතිවරයා යළිත් ජනතාව අතර පෙනී සිටීම ජාත්‍යන්තර මාධ්‍යවල වැඩි ඉඩක් හිමි වූ පුවතක් බවට පත්ව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...