ජුලි 09 සිදුවීම් සම්බන්ධයෙන් තවත් 4 දෙනෙක් අත්අඩංගුවට !

Date:

පසුගිය ජුලි 09 වනදා ඇතිවූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් තවත් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඒ අනුව, එදින කොළඹ ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානිකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22, 40 සහ 55 යන වයස්වල පසුවන තිදෙනෙකි.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන ඇති ඔවුන්ව කොම්පඤ්ඤවීදිය පොලිසියට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එමෙන්ම ජුලි 09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට සහ ජේ. ඕ. සී. හන්දිය යන ස්ථානවල කළහකාරීව හැසුරුණු අයෙකු ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මාළඹේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි.

අයුතු ජනරාශියක සාමාජිකයකු වෙමින් පොලිස් නිලධාරීන්ට පහරදීම, සාපරාධී බලහත්කාරය පෑම සහ වාහනවලට පහරදී හානි සිදුකිරීම යන චෝදනා යටතේ කුරුඳුවත්ත පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...