ජුලි 09 සිදුවීම් සම්බන්ධයෙන් තවත් 4 දෙනෙක් අත්අඩංගුවට !

Date:

පසුගිය ජුලි 09 වනදා ඇතිවූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් තවත් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඒ අනුව, එදින කොළඹ ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානිකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22, 40 සහ 55 යන වයස්වල පසුවන තිදෙනෙකි.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන ඇති ඔවුන්ව කොම්පඤ්ඤවීදිය පොලිසියට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එමෙන්ම ජුලි 09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට සහ ජේ. ඕ. සී. හන්දිය යන ස්ථානවල කළහකාරීව හැසුරුණු අයෙකු ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මාළඹේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි.

අයුතු ජනරාශියක සාමාජිකයකු වෙමින් පොලිස් නිලධාරීන්ට පහරදීම, සාපරාධී බලහත්කාරය පෑම සහ වාහනවලට පහරදී හානි සිදුකිරීම යන චෝදනා යටතේ කුරුඳුවත්ත පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...