*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

අපේ රජයක් යටතේ IMF ගිවිසුම නැවත සංශෝධනය කරනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

තමා ඇතුළු සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන් කණ්ඩායමකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට ලැබුණු අවස්ථාවක දී වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම සමගි ජන බලවේග රජයක් යටතේ වැඩ කරන ජනතාවට හා පොදු ජනතාවට ගැලපෙන ලෙස වෙනස් කරන බවත් වත්මන් රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සුපිරි පොහොසතුන්ට හා බැංකුකරුවන්ට සහන ලබා දෙමින් වැඩ කරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදලට සිදු කළ බලපෑම සම්බන්ධයෙන් ද පැහැදිලි කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ රට වර්තමානයේ ඇති තත්ත්වයෙන් ගොඩ ගත හැක්කේ කියුබාවෙන් හෝ අනෙකුත් උග්‍ර සමාජවාදී රටවලින් සහාය ලබා ගෙන නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, යුරෝපා හවුල, එක්සත් රාජධානිය, ඉන්දියා, චීනය වැනි රටවල් සමඟ අපේ රටට හිතැති ජනතාවට බලපෑමක් නොවන ගිවිසුම් මඟින් බවත් එහි දී වත්මන් රජය අනුගමනය කළ තමන්ට හිතවත් කෝටිපතියන්ට සහන ලබා දෙන ගිවිසුම්වලට නොයා ජනතාවගේ පැත්තෙන් වාසියක් වන ගිවිසුම්වලට එළැඹෙන බවත් ඒ සදහා සමගි ජන බලවේගයට පුළුල් දැක්මක් හා අරමුණක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දඹුල්ල අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට පෙරේදා (26) එක්වෙමිනි. ඒ සක්වල බස් රථ වැඩසටහන යටතේ ලබා දුන් 78 වැනි බස් රථයයි. ඒ බස් රථයත් සමග රුපියල් මිලියන 379.2 ක බස් රථත පාසල් 33කට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යට⁣තේ රුපියල් ලක් 290ක.සුහුරු පන්ති කාමර උපකරණ සහ හුස්ම වැඩසටහන යටතේ රජයෙ රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ සහ ඖෂධ ලබා දී තිබේ.

එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ අයි. එම්. එෆ්. එකත් සමග ගිවිසුම් ඇති කර ගන්නේ ටයිකෝට් ඇදන් රජ මැදුරුවල සුරසැප විඳින පාලකයන්ගේ හා සුපිරි පොහොසතුන්ගේ වුවමනාවට නොව ලක්ෂ 220ක් වූ ජනතාවගේ වුවමනා පිළිබඳ අවධානය යොමු කරමින් බව යි.

එසේම වත්මන් රජයේ මන්ත්‍රීවරුන් ජනතාව ඇවිස්සෙන ආකාරයේ කතා කියමින් යන බවත් පසුගිය දිනක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු කමිටුවක දී ගියපාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් පිච්චුවා සේ මෙවර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ මහබැංකු අධිපතිවරයාගේ නිවෙස් පුලුස්සා දැමිය යුතු බවට වන වෛරී සහගත ප්‍රකාශයක් සිදු කර ඇති බවත් ජනතාවගේ ඡන්දයෙන් පැමිණි මන්ත්‍රිවරයකු එවැනි ප්‍රකාශයක් කිරීම අනුමත කළ නොහැකි බවත් ඊළඟ සභාවාරයේ දී ඔහු අනිවාරයෙන් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මැතිවරණය සඳහා අවශ්‍ය රුපියල් බිලියන 10ක මුදලක් ලබා දීමට නොහැකි නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් මහබැංකු අධිපතිවරයාත් ඉලක්ක කර ගෙන එවැනි ප්‍රකාශ සිදු කිරීම අනුමත කළ නොහැකි බවත් එම නිලධාරින්ගේ වගකීම් පැහැර හරින්නේ නම් ඔවුන්ව අධිකරණය හමුවට ගෙන යාම නීත්‍යානුකූල ක්‍රමය බැවින් එය අනුගමනය කළ යුතු බවත් සමගි ජන බලවේගය හා තමා කිසිදු අවස්ථාවක ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බැවින් එම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට තරයේ විරුද්ධ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

තවද මෙරට අධ්‍යාපන ගැන අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙරට නිදහස් අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනයෙන් නොව පූර්ව ළමා විය සංවර්ධනයේ සිට ආරම්භ කළ යුතු බවත් සමගි ජන බලවේග රජයක් යටතේ පූර්ව ළමා විය සංවර්ධනයේ සිටම නිදහස් අධ්‍යාපනය ලබා දෙන බව යි. එසේම අධ්‍යාපනයේ ඇති බෙදීම නැති කර ඇති හැකි පාසල් බවට ගමේත් නගරයේත් පාසල් පත් කරන බවත් සෑම පාසලකම පරිගණක, තොරතුර තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර ඇති කර නව ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් කරා මෙරට අධ්‍යාපනය ගෙන යන බවත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan