රථ වාහන වැරදි අල්ලන්න පොලීසියෙන් අළුත් වැඩක්!

Date:

කොළඹ LNW:මාර්ගයේ සිදුකෙරෙන වැරදි සම්බන්ධයෙන් තොරතුරු මහජනයාගෙන් ලබා ගැනීමට e traffic police app එක හදුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා අවධාරණය කරයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ උපදෙස් පරිදි ප්‍රවාහන අමාත්‍යංශය,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පොලීසිය ඒකාබද්ධව කටයුතු කරමින් තාක්ෂණය ඔස්සේ කටයුතු කරමින් මෙම කටයුතු සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

මේ අනුව මාර්ගය භාවිතා කරන රියදුරන්ට,පදිකයින් සහ මගීන් සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ඡායාරූප ලෙස හෝ වීඩියෝ ලෙස මෙම ඇප් එකට යොමු කරන ලෙසටද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලාසිටියි.

එම තොරතුරුවල රහස්‍යභාවය සුරකින බව කියා සිටින ඒ මහතා එවැනි වැරදි සිදුකරන පුද්ගලයන්ට එරෙහිව 1995 අංක 14 දරන විශේෂ විධිවිධාන පනත යටතේ නීතිමය පියවර ගන්නා බවද අවධාරණය කරයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම බව කියා සිටියේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) කොළඹ පදනම් ආයතනයේ පැවැති මාර්ග ආරක්ෂාව පිලිබඳ වැඩමුළුවට එක් වෙමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...