යුක්තිය මෙහෙයුම ඉදිරියට යනවද? නැද්ද? වැඩබලන පොලිස්පති කතා කරයි!

Date:

කොළඹ LNW:යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීමේදී සිදුවූ අඩුපාඩු නිවැරදි කරමින් ශ්‍රී ලංකා පොලීසියට අණපනත් වලින් ලැබී ඇති බලතල අනුව මෙහෙයුම් කටයුතු නොනවත්වා සිදුකරන බව යුක්තිය මෙහෙයුම පිළිබඳ අදහස් දක්වමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා මේ බව පැවසුවේ ඊයේ (28) ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඒ ආශිර්වාද ලබා ගැනීම සඳහ‍ායි.

උක්ත කාරණය වීරසූරිය මහතා පැවසුවේ යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වීම ගැන මාධ්‍යවේදියෙක් කළ විමසීමට පිළිතුරු දෙමිනි.

වෙනත් රාජකාරිවල යොදවා සිටි නිලධාරීන් ඒ සඳහා යොමු කිරීමෙන් ඊට වැඩිය ධාරිතාවකින් යුක්තව ඉදිරියේදී එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි ඔහු පවසන්නේ.

වෙනත් රාජකාරිවල යොදවා සිටි නිලධාරීන් ඒ සඳහා යොමු කිරීමෙන් ඊට වැඩිය ධාරිතාවකින් යුක්තව ඉදිරියේදී එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි ඔහු පවසන්නේ.

ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් නැවතත් පොලිස් රාජකාරිවල අනුයුක්ත කරනවාද යන්න කළ විමසීමට පිළිතුරු දෙමින් වීරසූරිය මහතා පවසන්නේ පොලීසියේ නිලධාරීන්ගේ හිඟයක් පවතින බවත් ඒ හිඟයට විකල්ප පිළිතුරක් විදිහට මේ දක්වා වෙනත් රාජකාරිවල යොදවා සිටි නිලධාරීන් ඒ අවශ්‍යතාවය මත මහජන සේවය නිසි ආකාරව ඉටුකිරීම සඳහා විශේෂයෙන් අපරාධ වැළැක්වීම සඳහා යොදාගැනීමට කටයුතු කරන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ගත් අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...