ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙන සියලු ආකාර හඳුනාගෙන තියෙනවා – ආරක්ෂක ලේකම්

Date:

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව පවතින සියලුම ආකාර හඳුනාගෙන තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

”අපි හොඳ හැටි අඳුරගෙන ඉන්නවා රාජකාරියට කිරීමට අවශ්‍ය කරන හේතු සියල්ල හඳුනාගෙන තිබෙනවා. අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන සියලුම වර්ගයේ තර්ජන අපි හඳුනාගෙන තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රටේ ජනතාව අපහසුතාවට පත්වෙන සියලුම මාදිලියේ සම්ප්‍රදායික නොවන තර්ජන තියෙනවා ගොඩක්. සම්ප්‍රදායික නොවන තර්ජන ඉතා ඉක්මණින් සමනයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ත්‍රිවිධ හමුදාවේ හැකියාවන් වර්ධනය කරමින් ඒ අයගේ කැපවීම මත කාර්ය ඉටුකරන්න තමයි අපේ රජයේ බලාපොරොත්තුව.’‘ යනුවෙන් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (28) පස්වරුවේ ආශිර්වාද ලබාගැනීම සඳහා ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...