කලින්ම විශ්‍රාම යන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්

0
8649

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ (LNW):

2024 දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා හෙට (30) සිට විශ්‍රාම යාමට තීරණය කර තිබෙන අතර , ඊට අදාළ ලිපි ලේඛන ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලේකම්වරයා විසින් යොමු කර ඇති බව වාර්තා වේ.

ඔහු මෙම වසරේ දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට තිබියදී නව ආණ්ඩුව යටතේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශවල නව ලේකම්වරයා ලෙස ගිය සතියේ වැඩ භාර ගත්තේය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්නගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මෙම වසරේ දෙසැම්බර් 03 වැනිදා තමා විශ්‍රාම යාමට නියමිතව තිබුණද පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් හෙට (30 වැනිදා) දින සිට විශ්‍රාම යන බව සඳහන් කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අදාළ ලිපි ලේඛන යොමුකළ බවයි.