තවත් දීමනාවක් කපා හැරේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ (LNW):

මෙතෙක් ගෙවන ලද විශ්‍රාමික ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පෙලඹවීමේ දීමනාව (motivation allowance) වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය විසින් කපා හැර ඇත.

ප්‍රභූවරයා යම් කාර්යයක නිරතව සිටින තුරා ප්‍රභූ ආරක්ෂකයන්ට සේවය නිම කිරීමට නිශ්චිත වේලාවක් නැති වීම හේතුවෙන් මෙම දීමනාව ගෙවනු ලැබූ අතර ප්‍රභූ ආරක්ෂකයකු ලක්ෂයක මූලික වැටුපක් ලබන්නේ නම් ඔහුට රුපියල් 32,000 පමණ පෙලඹවීම් දීමනාවක් ලැබේ. මෙම දීමනාව මින් ඉදිරියට හිමිවන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට පමණි.

සැප්තැම්බර් 22 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි අනෙකුත් ත්‍රිවිධ හමුදා නිලධාරින් හා සෙසු නිලයන් හට ගෙවන ලද පෙලඹවීමේ දීමනාව වහාම කපා හරින ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා දුන් උපදෙස් අනුව මෙම තීරණය කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරාල් පී. වෙලගෙදර විසින් මෙම නියෝගය ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත යොමුකර තිබේ. මේ අතර විශ්‍රාමික ජනාධිපතිවරු දෙදෙනකුගේ ආරක්ෂාව සඳහා සහ නිවෙස්වල වැඩකටයුතු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 500ක පමණ භට පිරිසක් ලබා දී ඇතැයි ආරක්ෂක අමත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ජෙනරාල් කමල් ගුණරත්නට දී තිබූ කමොන්ඩෝ ආරක්ෂාව වහාම ඉත්කර ඇත.

හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ ආරක්ෂාවට යොදවා සිටි කොමාන්ඩෝ සෙබළුන්ට යළි කඳවුරු බලා යන ලෙස ඔහු උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...