*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

තවත් දීමනාවක් කපා හැරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ (LNW):

මෙතෙක් ගෙවන ලද විශ්‍රාමික ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පෙලඹවීමේ දීමනාව (motivation allowance) වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය විසින් කපා හැර ඇත.

ප්‍රභූවරයා යම් කාර්යයක නිරතව සිටින තුරා ප්‍රභූ ආරක්ෂකයන්ට සේවය නිම කිරීමට නිශ්චිත වේලාවක් නැති වීම හේතුවෙන් මෙම දීමනාව ගෙවනු ලැබූ අතර ප්‍රභූ ආරක්ෂකයකු ලක්ෂයක මූලික වැටුපක් ලබන්නේ නම් ඔහුට රුපියල් 32,000 පමණ පෙලඹවීම් දීමනාවක් ලැබේ. මෙම දීමනාව මින් ඉදිරියට හිමිවන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට පමණි.

සැප්තැම්බර් 22 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි අනෙකුත් ත්‍රිවිධ හමුදා නිලධාරින් හා සෙසු නිලයන් හට ගෙවන ලද පෙලඹවීමේ දීමනාව වහාම කපා හරින ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා දුන් උපදෙස් අනුව මෙම තීරණය කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරාල් පී. වෙලගෙදර විසින් මෙම නියෝගය ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත යොමුකර තිබේ. මේ අතර විශ්‍රාමික ජනාධිපතිවරු දෙදෙනකුගේ ආරක්ෂාව සඳහා සහ නිවෙස්වල වැඩකටයුතු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 500ක පමණ භට පිරිසක් ලබා දී ඇතැයි ආරක්ෂක අමත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ජෙනරාල් කමල් ගුණරත්නට දී තිබූ කමොන්ඩෝ ආරක්ෂාව වහාම ඉත්කර ඇත.

හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ ආරක්ෂාවට යොදවා සිටි කොමාන්ඩෝ සෙබළුන්ට යළි කඳවුරු බලා යන ලෙස ඔහු උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan