*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

නොනැවතී ගලන ලකුණු සුළඟ – කමිඳු

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 29, (LNW) කොළඹ :

මිට වසර දෙකකටත් වැඩි දුර අතීතයක කමිඳු මෙණ්ඩිස් ගැන,එක්තරා ආකාරයකින් ඔහුගේ මානසික උත්තේජනය සඳහා වන මඟ පෙන්වීම කරන පුද්ගලයෙක් අපූරු කතාවක් කියන්නේය.
“ඌ මාර කොල්ලෙක්.ඔළුව නියමෙට වැඩ කරනවා.වෙලාව එනකම් ඉන්න කියලයි මං හැම වෙලේම කියන්නෙ.ඊට පස්සෙ ඌව නවත්තන්න හම්බවෙන්නෙ නැහැ“


කමිදු ගැන කිසිවෙක් කතා නොකරන මොහොතක ඔහු ගැන පවසන මේ කතාව දැන් ටක්කෙටම ගැලපෙන්නේය.දැන් ලෝකයටම නවත්තන්න බැරි ලකුණු සුළඟක්ව ඔහු ගලමින් ඇත.තවමත් කොතනකවත් මේ පාර්ශව දෙකෙන් එක් අයෙකු හෝ ඔවුනොවුන් ගැන මාධ්‍යයට පවසා නැති නිසා ඒ අනාවැකියේ හිමිකරු ගැන නමින් පැවසීම පමා කරන්නට සිඳුවන්නේය.

අද ඒ නොනවතින ලකුණු යන්තරය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ඉණිම ගණනකින් ලකුණ 1000 ලැබූ පිතිකරුවන් අතර ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හා සමතැන් ගෙන ඇත.දෙදෙනාම දැන සිටින්නේ තෙවන තැනය.මේ වැඩේ කොච්චර අමාරුද කියන කාරණය තේරුම් ගන්න ඉණිම 12 දී ලකුණු 1000 සම්පූර්ණ කර වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 ලැබීමේ නාමාවලියේ ඉහළින්ම ඉන්න හර්බට් සට්ක්ලීෆී ගැන කතා කිරීම වටින්නේය.ඔහු ටෙස්ට් ක්‍රීඩාවට පිවිස ඇත්තේ මීට වසර 100 ට පෙර 1924 දී ය.


ඊට වසර 24 ට පසුව,1948 දී, ඉණිම 12 දී ම ලකුණු 1000 ඉක්මවා යන්න බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී එවර්ටන් වීක්ස් සමත් වන්නේය. ඩොන් බ්‍රැඩ්මන් ඉණිම 13 දී මේ දස්කම කර ඇත්තේ ද 1928 දී ය.මෙහි දුෂ්කරකම ගැන තේරුම් ගන්න එම වාර්තාවල ඉතිහාසය ගැනීම පමණක්ම වුව ප්‍රමාණවත්ය.
එසේම තමන් සහභාගි වූ පළමු ටෙස්ට් තරග අටේදී එක ඉණිමකදී හෝ අර්ධ ශතකය ඉක්මවා ලකුණු ලබන්නට සමත් වූ පළමු සහ එකම පිතිකරු වන්නේ ද කමිඳු මෙණ්ඩිස්ය.තරග හතක් ගෙවෙන තැන ඔහු හා සමව සිටි පකිස්තානයේ ෂවුද් ශකීල් මේ අනුව අභිබවා කමිඳු නව වාර්තාවක හිමි කරු බවට පත් වන්නේය.
කමිඳු මෙණ්ඩිස් දෑතින්ම පන්දු යැවිය හැකි ක්‍රීඩකයෙක්ය.එසේ කළ හැකි තවත් අය සිටිනවා ඇත.එහෙත් දෑතින්ම තරගකාරී ලෙස සමානව පන්දු යැවීම දුර්ලභය.කමිඳුට ඒ හැකියාව ඇත.එවැනි තත්ත්වයකට පත් වෙන්නට අත් දෙකේ හැකියාව පමණක් නොව ඔහුගේ මොළයේ ක්‍රියාකාරීත්වයේ ද සුවිශේෂිත්වයක් තිබිය යුතුය.


“ඔහු වයසට වඩා පරිණතයි“ යනුවෙන් ඇන්ජලෝ මැතිවිස් මාධ්‍ය ඉදිරියේ කියන කතාවේ ඇත්තේ මේ සුවිශේෂිත්වයමය.
“ඔහු කරන්නෙ අපි කාටවත් කරන්න බැරි වුණ දෙයක්.ඒක විශිෂ්ඨ දක්ෂතාවයක්“ තමන්ගේ තරුණ සහ අලුත් සඟයා ගැන ඇන්ජලෝ නිර්ලෝභීව දෙන ඇගයුම මිලක් නැති තරම් වටිනාකමෙන් ඉහළය.අමිලය.
කෙසේ වුව කලෙකට පසුව ලෝකයම අවධානයෙන් තමන්ට එල්ල වී ඇති අවදානමක් සේ කමිඳුගේ හැනියාව දෙස බලා සිටින බව බොරුවක් නොවේය.තාක්ෂණිකය මේ ලකුණු සුළඟ නවතන්නට ඔවුන් වෙනම සැළසුම් සකස් කරමින් සිටින බව ද සහතිකය.හැබැයි සුළං මතුළු දැල්වලින් නැවතිය නොහැකි බව ඔප්පු කරන්නට හැකි බලයක් කමිඳු තුළ තිබිය හැකිය.ඒ මට්ටමට කමිඳු වෙහෙසී වර්ධනය විය යුතුය.
පිත්තයි පන්දුවයි අතර පමණක් යෙදෙන තරගයක් නොව,මේ මොහොතේ ක්‍රීඩාව තිබෙන්නේ තාක්ෂණීක මෙවල්ම සහ විද්‍යාත්මක නියැදි මත කෙරෙන පරීක්ෂණ ක්‍රියාවලියක් ද මුසු වෙමින්ය.ඒවා දශමයට නිකුතු කරන දත්ත සමඟ අභියෝග නිර්මාණය කෙරෙන ලෝකයක කමිඳුට ගමන පහසු නැත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan