ජනාධිපති අනුර තවත් තීරණයක් ගනී!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ (LNW):

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන රුපියල් බිලියන 11ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන අතර, ඉදිරි මහ මැතිවරණයේ මූලික කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.

ඊයේ (28) රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී , පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මූලික කටයුතු පිළිබඳ සාකච්ඡා දෙකක් පැවැත්වුණු අතර,පළමු සාකච්ඡාව දිස්ත්‍රික් ලේකම්වරුන් හා නියෝජ්‍ය දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ද එක්ව සිටියේය.

මේ අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, සහකාර කොමසාරිස්වරුන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර තවත් හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුනු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...