ජනාධිපති අනුර තවත් තීරණයක් ගනී!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ (LNW):

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන රුපියල් බිලියන 11ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන අතර, ඉදිරි මහ මැතිවරණයේ මූලික කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.

ඊයේ (28) රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී , පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මූලික කටයුතු පිළිබඳ සාකච්ඡා දෙකක් පැවැත්වුණු අතර,පළමු සාකච්ඡාව දිස්ත්‍රික් ලේකම්වරුන් හා නියෝජ්‍ය දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ද එක්ව සිටියේය.

මේ අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, සහකාර කොමසාරිස්වරුන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර තවත් හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුනු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...

එක්සත් රාජධානිය DRC වීසා සීමා කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය කොංගෝ...