ශිෂ්‍යත්ව විභාගයේ ගැටළුවට විසඳුමක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ (LNW):

ශිෂ්‍යත්ව විභාගයට පෙර සාකච්ඡා වූ බවට හදුනාගෙන ඇති ප්‍රශ්න තුන සදහා විභාගයට පෙනී සිටි දරුවන්ට ලකුණු ලබාදීම විභාගය සම්බන්ධයෙන් මතුවූ ගැටලුවට සුදුසුම විකල්පය බවට විද්වත් කමිටුව නිර්දේශ කර තිබෙන බව සඳහන් වේ.

කමිටුව අවධාරණය කරන්නේ,දරුවන් සියලු දෙනාට සාධාරණයක් ඉටු කිරීම අත්‍යවශ්‍ය බැවින් ඒ සදහා වන සුදුසුම ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

මතබේදයට ලක්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා 7 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත් අතර, එම කමිටුව අධ්‍යාපනඥයින්,  අධ්‍යාපන මනෝවිද්‍යාඥවරුන්,  විශේෂඥ වෛද්‍යවරුන් හා සංඛ්‍යාන පිළිබද විද්වතුන්ගෙන් සමන්විත බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයෙන් සදහන් වේ.

විභාගය නැවත පැවැත්වීම වයස අවුරුදු 10ක පමණ වයසේ පසුවන දරුවන්ගේ මානසික මට්ටමට ද දැඩි බලපෑමක් හා පීඩනයක් ඇති කරන බව ද කමිටුව නිකුත් කළ නිර්දේශවල සදහන් වන අතර, ශිෂ්‍යත්ව විභාගය සම්බන්දයෙන් පැන නැගුනු ගැටලුව සොයා බැලීමට පසුගිය රජය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදුකළ අතර සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැණුණි.

එම පරීක්ෂණවලදී ද තහවුරු වූයේ ප්‍රශ්න තුනක් පමණක් විභාගය පැවැත්වීමට පෙර නිකුත් වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...