ගමට යන නිසානෙ මේ ඔක්කොම – හෙල්මට් ප්‍රහාරය ගැන චාමර කියන කතාව

Date:

පසුගියදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ලේදී ප්‍රහාරයකට ලක්විය. සීසීටීවී දර්ශනවල ඇතුළත්ව තිබුණේ පුද්ගලයෙකු රාජ්‍ය අමාත්‍යවරයාට හෙල්මටයකින් පහර දෙන ආකාරයයි.

මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනියේ සංවාදයකට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කළේ එය එතරම් ගණන් නොගත යුතු සාමාන්‍ය දෙයක් බවයි. කොළඹට වී නොසිට තමාට ඡන්දය ලබාදුන් ඡන්දදායකයන්ගේ ගැටලු විමසා බලමින් ගමේ ජීවත්ව සිටින නිසා මෙම ප්‍රහාරය එල්ල වූ බවද චාමර සම්පත් මහතා සඳහන් කරනවා.

තමා තවමත් බදුල්ලේ ජනතාවගේ මගුල් ගෙදරට, අවමගුල් ගෙදර සහභාගි වන සාමාන්‍ය වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගන්නා සාමාන්‍ය ජීවිතයක් ගත කරන බවත් එනිසා මෙවැනි සිදුවීම්වලට ලක්වීම සාමාන්‍ය තත්වයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම සිදුවීම මාධ්‍ය මගින් වැරදි ලෙස වාර්තා කළ බවටද රාජ්‍ය ඇමතිවරයා චෝදනා කරනවා. මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයා දෛනිකව මත්පැන් පානය කර කුමන හෝ පුද්ගලයෙකු සමග ගැටුම් ඇතිකර ගන්නා අයෙක් බවත්, එය සංවිධානාත්මකව සිදු වූ ප්‍රහාරයක් හෝ විරුද්ධ පක්ෂයක මෙහෙයවීමකින් සිදු වූ ප්‍රහාරයක්‌ හෝ නොවන බවද චාමර සම්පත් මහතා ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...