*
Friday, October 11, 2024
spot_img

Latest Posts

ක්‍රිකට් පදක්කමට තනියට තවත් පදක්කම් එකතු වීමේ ඇරඹුම

මෙවර ආසියානු ක්‍රිඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ආරම්භ වන්නේ අදයි.මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඉසව්වලින් පදක්කම් කිහිපයකට යා හැකි තත්ත්වයක ඉන්නවා.තරග වදින මොහොත කොහොම වෙයිද කියලා කියන්න බැහැ.හැබැයි අපේ තත්ත්වය හොඳයි.
විශේෂයෙන් ධාවන තරගවලදි ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ බොහෝ දුරට තමන්ගේ හොදම පෞද්ගලික කාලය වාර්තා කරන්න තියෙන ඉඩකඩ වැඩියි.එ් සඳහා ඇතැම් ක්‍රිඩක ක්‍රිඩිකාවනට සැළකිය යුතු කාලයක චීනයෙන් පුහුණුවක් ලබා දෙන්නත් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ප්‍රධානත්වයෙන් හැකිවීමත් වැදගත්.

අද තරග බිමට පිවිසෙන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද චීනයේ පුහුණු සත්කාරය ලැබූ අය වීම වැදගත්.අද පැවත්වෙන මීටර් 400 මුලික තරගයේදී පළමුවම පිටියට පිවිසෙන්නේ නදීශා රාමනායකයි.ඇය දෙවන මූලික තරගයට හත්වන මං තීරුවේ තරග වදිනවා.පිරිමි මීටර් 400 තරගයට තරග වදින කාලිංග කුමාර පළමු මූලික තරයේදී පස්වන මං තීරුවෙන් තරග වදින්නට නියමිතයි.එහි තෙවන මූලික තරගයේදී හයවන මංතීරුවෙන් අරුණ දර්ශන තරග බිමට පිවිසෙන්නට නියමිතයි.

මීටර් 400 මූළික තරග තුනක් පැවත්වෙන අතර එහි අවසාන තරගයේදී තමන් සහභාගි වන මූළික තරගයේ පළමු හෝ දෙවන ස්ථානය දිනා ගත් අයට අවස්ථාව හිමි වෙනවා.ඊට අමතරව එම මූලික තරග තුනේ සියලු තරගකරුවන්ගේ තරග කාලය සළකා බැලීමේදී ස්ථානවලින් තේරෙන හය දෙනාට අමතරව හොඳම කාලය අනුව ඉදිරියෙන්ම සිටින දෙදෙනා සුදුසුකම් ලබනවා.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan