ඉතිහාසය තුල ඇතිවූ යුධමය හෝ කැරළිකාරි අවදි ඉතිහාස විෂයට අයත් දේ ලෙස නොගෙන එය යම් දේශපාලන පක්ෂයක උරුමයක් ලෙස ගතහොත් ඉතිහාස විෂය දෘෂ්ඨිවාදයකට ගොදුරුවීමේ දෝෂයට හසුවේ..
මෙහිදී 88 – 89 කැරැල්ල පෙරටුගාමීන්ගේ වංශ කථාව ලෙසින්ද ලිවිය හැකිය. නමුත් එසේ ලිවීමෙන් ඒ ඉතිහාස පරිච්ඡේදය නිවැරැදි විවරනයකට බඳුන් ගත නොවේ..
88,89, අරගලයේදී කැරළිකරුවන් අතින්ද නොසිදුවිය යුතු දුර්වල හා ම්ලේච්ඡ බොහෝදේ සිදුවින. නමුත් ඒ සියල්ල සමබරව විචාරය නොකර වීරත්වයේ පූජනීය සළුවකින් සියල්ල වැසූ විට එහි ප්‍රතිපලයක් ලෙස අතීත පරපුර රෑ වැටුන වලේ අනාගත පරපුර දවල් වැටීමට ඉඩ ඇත..
පසුගාමී සමාජයක සන්නද්ධ දේශපාලන ගමනක් ආරම්බ කල විට එකී පසුගාමී සමාජය තුල සන්නද්ධ ගමනට අවශ්‍ය ජනපදනම පවත්වාගෙන යාමට වන්නේද බලය ප්‍රදර්ශනය කරමින්මය.
එදා රජයේ හමුදාවන් විසින් යම් ඝාතන ප්‍රමාණයක් සිදු කලවිට පෙරලා පිළිතුරු බලය පෙන්වීම වෙනුවෙන් ලෙස ඊට වැඩි ප්‍රමාණයකින් සිවිල් වැසියක් ඝාතනය කිරීමට කැරළිකාරීන් පෙළඹිනි..මෙහිදී මේ ඝාතන වල පහසු ගොදුරුබවට පත්වූයේ එදාවේලවත් නැති දුප්පත් ගැමි සිවිල් වැසියන්ය..
මෙහිදීද පෙර කී බලය දැඩි ලෙස ප්‍රදර්ශනය කිරීම උදෙසා මිනිසුන්ගේ හිස් කඳින් වෙන්කොට වැට ඉනිවල ගසා ප්‍රදර්ශනය කිරීමද මිනිසුන් පෙතිගසා මරා දැමීමද කැරලිකරුවන් අතින්ද සිදුවින..
මෙහිදී මේ සිද්ධි වෙන වෙනම ගෙන එහි වෛශයික සන්දර්භය විච්චේදනය නොකර සියල්ල වන්දනා කිරීම මුග්ධ ලබ්දියකි..
එබැවින් පක්ෂය ප්‍රවර්ධනය කිරීමට වෙන උපාය මාර්ගයක් බාවිතාකරන ලෙසත් 88,89 යෙන් විලිවසා නොගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක්ද කරමි..
(මෙහිදී මා හිතවත් මුතූ සහෝදරයාද විජේවීර ප්‍රේමියකුම වන බැවින් ඔහු අතින්ද සමබර ලියවිල්ලක් ලියවෙතැයි මම විස්වාස නොකරමි. නමුත් ඔහු වර්තමානයේ 88,89 කැරැල්ල ගැන උරුමකම් කියන්නන්ට වඩා ඔහු එහි බොහෝ දෑ දන්නාබව මම දනිමි)
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN