ලං.වි.ම. මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කරයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනයට නොහැකි වීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් වැය වූ බැවින් විදුලි බිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ වසරේ අපේක්ෂා කළ ජල විදුලි ධාරිතාව ගිගා වෝට් පැය 4500 ක් වුවත්, ලබා ගැනීමට හැකිවූයේ ගිගා වෝට් පැය 3750 ක් පමණක් බව සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

ඒ අනුව ගිගා වෝට් පැය 750 ක් අතිරේකව තාප බලාගාරවලින් ලබා ගැනීමට සිදුවූ අතර, ඒ සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බවත් , පවතින තත්ත්වය හමුවේ විදුලි නිෂ්පාදනයට වැය වූ අතිරේක මුදල පියවා ගැනීමට මෙම අතිරේක ඉල්ලීම පෙරේදා දිනයේ සිදු කළ බව ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

ඊට අදාළ සවිස්තරාත්මක දත්ත ලබන සඳුදා දිනයේ මහජන උපයෝගිතා කොමිසමට ලබා දෙන බවත් , විදුලි බල මණ්ඩලයේ එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...