උතුරු කැරොලිනා ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටු හේතුවෙන් එක් ප්‍රාන්තයක පමණක් මියගිය සංඛ්‍යාව 30 ඉක්මවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කැරොලිනාවට බලපෑ හෙලීන් සුළි කුණාටුව හේතුවෙන් එක් ප්‍රාන්තයක පමණක් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බවත් අනෙකුත් ප්‍රාන්තවල මියගිය සංඛ්‍යාව තවම ගණන් බලා නොමැති බවත් වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා (26) ෆ්ලොරිඩාවේ ගොඩබිමට කඩා වැදුණු මෙම සුළි කුණාටුවෙන් පසු අවම වශයෙන් රට පුරා පුද්ගලයින් 105 ක් මියගොස් ඇති අතර සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා, ජෝර්ජියාව, බන්කොම්බ්, ටෙනසි, ඇෂෙවිල් දැඩි ලෙස හානියට පත්ව ඇත. නිවාස, කඩ සාප්පු, සුපිරි වෙළඳසැල් විශාල වශයෙන් විනාශයට පත්ව ඇති අතර ගස් කඩා වැටීම් හේතුවෙන් විදුලිය ඇණහිට තිබේ.

මෙම සුළි කුණාටුව උතුරු කැරොලිනා ප්‍රාන්තයට බලපෑ බලවත්ම සුළි කුණාටුව වශයෙන් සැලකෙන අතර හෙලීන් සුළි කුණාටුව මඟින් සිදු වූ විනාශය ඩොලර් බිලියන 95 සිට ඩොලර් බිලියන 110 දක්වා වනු ඇතැයි දල වශයෙන් ගණන් බලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...