5 ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි ඉල්ලා දෙමව්පියන් උද්ඝෝෂණයක

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස ඉල්ලමින් දෙමව්පියන් පිරිසක් මේ වනවිට බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී සිටී.

ඒ හේතුවෙන් බත්තරමුල්ල, පැලවත්ත හන්දිය අවට මාර්ග තදබදයක් ද ඇති වී තිබේ.

මෙම විභාගයේ ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න තුනක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කර තිබුණු විද්වත් කමිටුව ඊයේ (29) නිවේදනය කර තිබුණේ අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබාදෙන බවත් නැවතත් විභාගය පැවැත්වීමක් සිදුනොකරන බවත් ය.

මේ තීරණයට එරෙහිවයි අද දිනයේදී දෙමව්පියන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට රැස්ව උද්ඝෝෂණයේ නිරත වන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...

රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...