*
Monday, September 30, 2024
spot_img

Latest Posts

ආණ්ඩුවෙන් මට කිසි දෙයක් ලැබෙන්නෙ නෑ – හිටපු ජනපති චන්ද්‍රිකා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ (LNW):

එදා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නාවිට තම බැංකු ගිණුමේ මුදල් නොතිබූ බවත්, මේ වනවිට ඉඩම් විකුණ විකුණ ජීවත් වන බවත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසීය. ඒ වත්මන් දේශපාලන සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය මේ බව පවසා සිටියාය. 

ආණ්ඩුවෙන් තමන්ට කිසි දෙයක් නොලැබෙන බවත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අවුරුදු නවයක් තමන්ට විශ්‍රාම වැටුප ලබා නොදුන් බවත් ඇය පැවසුවාය.

“අපි කාගෙන්වත් කාලා නැහැ. අපේ තියෙන ඒවා අනික් අයට දුන්නා මිසක්. ජනාධිපති ධුරයෙන් ගෙදර යනකොට ඇත්ත වශයෙන්ම මගේ බැංකු ගිණුමත් ඕවර් ඩ්‍රාෆ්ට්. පස්සේ ඉඩම් විකුණ විකුණ දැන් ජීවත්වෙන්නේ. ආණ්ඩුවෙන් මට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂගේ අවුරුදු නවයම මට පෙන්ෂන් එක දුන්නෙත් නැහැ. මගේ සේවක මණ්ඩලයේ පඩි ගෙවන්නේ මම. ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නේ මම. මට ලැබිලා තියෙන්නේ රජයේ ගෙයයි, වාහන 4යි. මට යන්න ජීප් එකකුයි , කාර් එකකුයි.  ආරක්ෂකයින්ට දෙකක් තියෙනවා. කාර් 4ක් තියෙනව, ඒවත් ඕන්නම් ගත්තාවේ. බස් එකේ ගන්න මට කිසි ලැජ්ජාවක් නැහැ”.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan