ආර්ථිකය ස්ථාවරයි.තවත් බදු වැඩි කිරීම අවශ්‍ය නැහැ!

Date:

කොළඹ LNW: මේ වන විට ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇති හෙයින් තවදුරටත් බදු වැඩි කිරීමේ ඉලක්කයකට නොයා ජනතාවට පහසුකම් සැලසීම පිළිබඳ හැකියාව පවත්නා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

රජයේ ආදායම් ලැබීම් යහපත් වෙමින් තිබෙන අතර පළමු වසර ගත කළේ මෙලෙස ආර්ථකය ස්ථාවර කරගැනීමට බව අමාත්‍යවරයා සඳහන් කරයි.

”ඇත්තටම දැන් අපේ ආදායම් තත්ත්වය හොඳ මට්ටමක තියෙන්නේ. ඒ නිසා ජනතාවට වැඩිපුර පහසුකම් දෙන්න, ජනතාවට සහන දෙන්න පුළුවන් ආර්ථිකයක් හැදෙමින් තියෙනවා. අපි පළමුවෙනි අවුරුද්ද කොහොමත් ගතකළේ ආර්ථිකය ස්ථාවර කරගන්න. ඒ ස්ථාවර කරන ඉලක්ක සම්පූර්ණ කරලා තියෙනවා. අපනයන ආදායම් වැඩිවෙලා තියෙනවා. ආයෝජන වැඩිවෙලා තියෙනවා. විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබීම් වැඩිවෙලා තියෙනවා. සංචාරක කර්මාන්තයේ ලැබීම් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් බදු වැඩි කිරීමේ ඉලක්ක වලට යනවට වඩා බදු සාධාරණීකරණය කරලා ජනතාවට පහසුකම් සැලසීමේ ඉලක්ක වලට යාමේ හැකියාව අපට තියෙනවා.” යනුවෙන් තවදුරටත් ප්‍රකාශ කර සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...