පුනරුත්ථාපන කාර්යාංශ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Date:

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට” එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

නීතිපතිවරයා වග උත්තරකරු ලෙස නම් කරමින් ගොනුකර ඇති මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පිරිසක් විසිනි.

මෙම පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදනවලින් යම් පුද්ගලයෙකු අධිකරණ නියෝගයකින් තොරව පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමුකිරීමට බලය ලබාදී ඇති බව අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇති අතර එයින් පුද්ගල නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වන බවත් පෙන්වා දී ඇත.

ඒ අනුව එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...