පුනරුත්ථාපන කාර්යාංශ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Date:

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට” එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

නීතිපතිවරයා වග උත්තරකරු ලෙස නම් කරමින් ගොනුකර ඇති මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පිරිසක් විසිනි.

මෙම පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදනවලින් යම් පුද්ගලයෙකු අධිකරණ නියෝගයකින් තොරව පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමුකිරීමට බලය ලබාදී ඇති බව අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇති අතර එයින් පුද්ගල නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වන බවත් පෙන්වා දී ඇත.

ඒ අනුව එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...