ලංකාවේ ණය අර්බුදය විසඳීමට සහාය වන්න ජපානය සූදානම්: ජපාන මුදල් ඇමති

Date:

ශ්‍රී ලංකාවේ පවතින ණය අර්බුදයට ජපානය පාර්ශවයෙන් සහාය ලබා දීමට සූදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) දින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව පිලිපීනයේ දී පැවති ආසියානු සංවර්ධන බැංකුවේ සමුළුවට සහභාගී වී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළකර ඇති අතර, මෙම ණය අර්බුදය විසඳීමට මිත්‍ර රාජ්‍ය සමඟ පවතින සාකච්ඡාවටයක ප්‍රතිඵලයක් ලෙස ජපානයේ සහයෝගය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා සමත්ව ඇත.

කෙසේවෙතත්, චීනය, ඉන්දියාව ඇතුළු අනෙකුත් ණයහිමි රාජ්‍යවල සහාය ද මේ සඳහා හිමිවිය යුතු බව ජපාන මුදල් අමාත්‍යවරයා අවධාරණය කරයි.

එමෙන්ම, මෙම සහයෝගය ලබා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකාව විසින් ලබා දිය යුතු බව ජපාන මුදල් අමාත්‍යවරයා පවසා ඇති අතර, අනෙකුත් ණයහිමි රාජ්‍යවල සහයෝගය ද මේ සඳහා ලබා ගැනීමට ශ්‍රී ලංකාව විසින්ම කටයුතු කළ යුතුව ඇති බව ද පෙන්වා දී තිබේ.

එය මෙම ක්‍රියාවලියේ පාරදෘෂ්‍යභාවයට වැදගත් වන බවයි ෂුනිචි සුසුකි මහතා අවධාරණය කළේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...