කාසියේ වාසිය දිනුම් තරගය පරාදයි

Date:

ලෝක කුසලාන පුහුණු තරගයකට සහභාගි වුණ ශ්‍රී ලංකාව ඊයේ බංගලාදේශය සමඟ පැවති පුහුණු තරගයෙන් කඩුලු 7 ක පරාජයක් අත් කර ගත්තා.ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව බංගලාදේශයට එරෙහිව ජයග්‍රහණය කළ ද ඊට සති කිහිපයකට පසුව මේ ආකාරයේ පරාජයක් ලැබීම කණගාටුදායක තත්ත්වයක්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉණිම ආරම්භ කළේ පැතුම් නිශ්ශංක සහ කුසල් ජනිත් පෙරේරා යි.දෙදෙනා අතරින් පළමුවෙන් පිටියෙන් ඉවත් වුණේ කුසල් පෙරේරා යි.ඒ දැවී යාමක් නිසා නොවී ආබාධයක් නිසයි.ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ දී එය ශ්‍රී ලංකාවට දිගටම මුහුණ දෙන්නට සිඳුවන ආබාධයක් වෙනු ඇත.

පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 64 න් ලකුණු 68 ක් ලබා ගන්නට සමත් වුණා.මැද පෙළින් වැටෙන්නට ගිය ශ්‍රී ලංකා ඉණිම නැවත ගොඩ නගමින් ධනංජය සිල්වා පන්දු 79 න් ලකුණු 55 ක් ලබා ගත්තා.නායක දසුන් ශානක පිත්තෙන් සාර්ථක වෙන්නට මේ තරගයේදී සෑහෙන උත්සාහයක් ගනිමින් පන්දු 17 ක් සඳහා මුහුණ දුන්නා.නමුත් ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණයි.ශ්‍රී ලංකාව සිය ඉණිම පන්දු ඕවර් 49.1 දී හමාර කළේ සියලු දෙනා දැවී ලකුණු 263 ක් ලබා ගනිමින්.

බංගලාදේශය වෙනුවෙන් මෙහදි හසන් ලකුණු 36 ට කඩුලු 3 ක් දවා ගත් අතර එක් කඩුල්ලක් පමණක් දවා ගත්තද මෙහදි හසන් මිරාෂ් පන්දු ඕවර් 10 ලකුණු 32 ට සීමා කරමින් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු කරා යාම වළක්වාලන්නට සෑහෙන දායකත්වයක් ලබා දුන්නා.ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන්ගේ සුපිරිතම පන්දු යවන්නා වන නායක ශකීබ් අල් හසන් මේ තරගයේදී එකඳු පන්දුවක් හෝ නොයවමින් එල්ල කළ මේ තර්ජනය සුළුවෙන් ගත නොහැකි දරුණු පරාජයක් ලෙස ගත යුතුයි.ඔහු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද ඊයේ මෙහදි හසන් මිර්ෂා ට පවරා තිබුණා.

පිළිතුරු ඉණිමට පිවිසි බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දැඩි විශ්වාසයකින් යුතුව ආක්‍රමණශිලී පිතිකරණයක නියැලි අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 131 ක් වුණා.ලිටන් දාස් ලකුණු 61 ක් ලබා ගෙන දැවී ගිය පසු ලකුණු 84 ක් ලබා ගත් ආරම්භක පිතිකරු ටන්ෂීඩ් හසන් ලකුණු 84 ක් ලබා ගනිමින් නායක මෙහදි හසන් මිර්සා (නොදැවී 67) සමඟ දෙවන කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 52 ක සබඳතාවයක් සඳහා දායක වුණා.තරගයේ සිව්වන කඩුල්ල වෙනුවෙන් යළිත් නායක මිර්ෂා,මුස්ෆිකර් රහීම් සමඟ අඛණ්ඪ ලකුණු 76 ක සබඳතාවයක් පවත්වමින් 42 වන ඕවරය නිමා වෙද්දී කඩුලු 3 ට බංගලාදේශ ලකුණු පූවරුව 264 දක්වා ඔසවා තැබුවා.

දුෂාන් හේමන්ත,දුනිත් වෙල්ලාගේ සහ ලහිරු කුමාර කඩුල්ල බැඟින් දවා ගත්තද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සාර්ථක වන්නට බංගලාදේශ පිතිකරුවන්ගෙන් ඉඩක් ලැබුණේ නැහැ.ඒ අතරින් මතීහ පතිරණ පන්දු ඕවර් 4 ක් යවමින් බංගලාදේශ පිතිකරුවන් වෙත ලකුණු 42 ක් ලබා දුන්නා.නායක දසුන් ශානක පන්දු යැවීමට ඊයේ තරගයේදී උත්සාහ ගත්තේ නැහැ.

ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකියි.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-warm-up-matches-2023-24-1393958/bangladesh-vs-sri-lanka-warm-up-1393959/full-scorecard

ඡායාරූපයේ දැක්වෙන්නේ ඊයේ තරගයේ නායකත්වය දරමින් ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කළ මෙහදි හසන් මිර්ෂා යි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...