ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනය ගොඩබිම හරහා වටලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ඝාතනය කර දින කිහිපයකට පසු ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ ගම්මාන වෙත ඉලක්කගත ගොඩබිම් වැටලීම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊශ්‍රායලය හමුදාව මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, දේශසීමා හරහා පැය ගණනක ගුවන් හා කාල තුවක්කු ප්‍රහාර මාලාවකින් හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර දියත් කරමින් ඒවා සියතට ගනු ලැබූ බවයි.

2006 වසරේදී මාසයක් පුරා පැවති යුද්ධයකදී අවසන් වරට ගොඩබිම් සටනට සම්බන්ධ වූ ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර මේ වන තෙක් සෘජු ගැටුම් වාර්තා වී නොමැති අතර මෙම ගැටුම් හේතුවෙන් මේ මාසය තුළ 100,000 කට වැඩි පිරිසක් ලෙබනනයේ සිට සිරියාවට පලා ගොස් ඇති අතර මිලියනයකට අධික පිරිසක් අවතැන් කර ඇත.

හිස්බුල්ලා සංවිධානය විසින් හැකි ඉක්මනින් නව නායකයෙකු තෝරා ගන්නා බවත්, පලස්තීනුවන්ට සහය දැක්වීම සඳහා ඊශ්‍රායලයට එරෙහිව දිගටම සටන් කිරීමට මෙම කණ්ඩායම ප්‍රතිඥා දී ඇති බවත්, ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...