අහෝසි වූ මන්ත්‍රී වරප්‍රසාද!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ (LNW):

ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමේදී, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වන තීරු බදු රහිත වාහන බලපත්‍රය ඇතුළු වරප්‍රසාද අහෝසි කිරීමේ යෝජනාව ඊයේ (30 වැනිදා) අනුමත කළ බව සඳහන් වේ.

මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප, කාර්යාලයක් පවත්වා ගැනීම වෙනුවෙන් මාසිකව ලබාදෙන රුපියල් ලක්ෂයක දීමනාව, රුපියල් පනස් දහසක් වන මාසික දුරකථන දීමනාව ඇතුළු වරප්‍රසාද මේ අනුව අහිමි වෙයි. එමෙන්ම රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් වන වාර්ෂික මුද්දර දීමනාව ද අහෝසි කෙරේ. කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ මුලින්ම එම වරප්‍රසාදවලට අදාළව නිකුත් කර තිබෙන චක්‍රලේඛ අහෝසි කිරීමය.

හිටපු ජනාධිපතිවරුන් හා ජනාධිපතිවරුන්ගේ භාර්යාවන් වෙනුවෙන් හිමිවන වරප්‍රසාද ද අහෝසි කිරීමට නියමිත අතර එම ඇතැම් වරප්‍රසාද අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වන බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මන්ත්‍රිවරයකුගේ වැටුප රුපියල් පනස් හතර දහස් තුන්සිය අසූ පහකි. එම වැටුපට අමතරව පාර්ලිමේන්තුව රැස් වීම්වලට සහභාගි වීම වෙනුවෙන් එක් දිනක පැමිණීමේ දීමනාව ලෙස රුපියල් දෙදහස් පන්සියයක් ලැබෙන අතර පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවල රැස්වන කාරක සභා සඳහා සහභාගි වීම වෙනුවෙන්ද රුපියල් දෙදහස් පන්සියයක් හිමි වෙයි.

තවද, කාර්යාලයක් පවත්වා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලැබෙන අතර සංග්‍රහ දීමනාව ලෙස රුපියල් දහසක් ලැබේ. රියැදුරු දීමනාව රුපියල් තුන් දහස් පන්සීයකි. මාසික දුරකථන දීමනාව රුපියල් පනස් දහසක් වන අතර පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙක් සඳහා රුපියල් දසදහසක් ලැබේ. එමෙන් ම වාර්ෂිකව රුපියල් තුන්ලක්ෂ පනස් දහසක් වටිනා මුද්දර හිමිකමක්ද ඇත. එක් එක් දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර අනුව ඉන්ධන දීමනාවක්ද මන්ත්‍රිවරුන්ට හිමි වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...