2024 මහ මැතිවරණයේ ප්‍රතිපාදන සලසා දීමට කැබිනට් අනුමැතිය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ (LNW):

එළැඹෙන 2024 මහ මැතිවරණය සඳහා ප්‍රතිපාදන සලසා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අංක 2403/13 හා 2024-09-24 දිනැති අති විශේෂ ගැසට්‌ පත්‍රය මඟින් ශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ ඇති අතර. 2024-11-14 දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත් වීම සඳහා දින නියම කරනු ලැබ තිබේ. නමුත්, 2024 අයවැය ඇස්තමේන්තු තුළ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර නොමැත.

 එවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඒකාබද්ධ අරමුදලින් අරමුදල් නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ (4) අනුව්‍යවස්ථාව මඟින් ජනාධිපති වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2024 වර්ෂය වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලින් රුපියල් බිලියන 5 ක් නිකුත් කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇත. එමෙන්ම, මහ මැතිවරණය පැවැත්වීමට අදාළව 2025 වර්ෂයේදී නිරවුල් කළ යුතු වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 6 ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අතුරු සම්මත ගිණුම මඟින් වෙන් කර දීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...