විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ අභියාචනාධිකරණයේ තීරණය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ (LNW):

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලිමේ අතුරු තහනම් නියෝගය වෙනස් කර ඒ සඳහා අවසර ලබාදීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙන අතර, ඒ පෙත්සම්කාර පාර්ශවයේද එකඟත්වය ඇතිවයි.

කෙසේ වෙතත් ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කර තිබෙන අතර, එපික් ලංකා පුද්ගලික සමාගම ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම අතුරු තහනම් නියෝග නිකුත් කර ඇත.

අදාළ අතුරු තහනම් නියෝග හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදයක් හටගෙන ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා පැවසුවේය .

මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ හිස් විදේශ ගමන් බලපත්‍ර 13,880 ක්  පමණක් බවයි සඳහන් වන්නේ .ඉන් විදෙස් ගමන් බලපත්‍ නිකුත් කළ හැකි වන්නේ වැඩ කරන දින 30 කට පමණක් බවත් ඔහු සඳහන් කර සිටියේය .

විදේශ රැකියා, වෛද්‍ය ප්‍රතිකාර ආදිය සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන මහජනතාවට ඉන් දැඩි අසීරුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හදිසි පදනමක් යටතේ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් ඔහු පැවසීය.

ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගය වෙනස් කරන ලෙස ඔහු කළ ඉල්ලිමට පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනිසිටි නීතිඥවරයාද එකඟතාව පළ කර තිබෙන බව පැවසේ, සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර වල ගෙවීම් ඇතුළු කරුණු පිළිබඳව පෙත්සම්කාර සමාගම සමඟ සාකච්ඡා කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් හෙට දින පත් කරන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේය.

ඒ අනුව මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් නොවැම්බර් මස 06 වනදාට පෙර ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කෙරුණු අතර, මේ අතර විදෙස් ගමන් බලපත්‍ර ගැටළුවේදී ජනතාවට සාධාරණය ඉටුවන පරිදි ක්‍රියාකරන බව අමාත්‍ය විජිත හේරත් මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ද ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...